ටෙස්ලා සමාගම තමන්ගේ අලුත්ම නිර්මාණය වන ‘සයිබර්කැබ්’ (Cybercab) රථය ඇමරිකාවේ ඔස්ටින් නුවරදී පාරේ ධාවනය කරමින් අත්හදා බැලීම් ආරම්භ කරලා තියෙනවා. මේ රථයේ විශේෂත්වය තමයි සාමාන්‍ය වාහනයක තියෙන ස්ටියරින් වීල් එක හෝ පෑඩල් කිසිවක් මේකේ නැති වීම. දැනට මේ පරීක්ෂණ කටයුතු සිද්ධ වෙන්නේ ආරක්ෂක නිලධාරියෙක් වාහනයේ අසුන්ගෙන ඉන්න අතරතුරයි. ටෙස්ලා ප්‍රධානී ඉලොන් මස්ක් විසින් සමාජ මාධ්‍ය ඔස්සේ මේ පිළිබඳ වීඩියෝවක් නිකුත් කිරීමත් එක්ක ලෝකයම මේ ගැන ලොකු අවධානයක් යොමු කරලා තියෙනවා.
මේ සයිබර්කැබ් රථය සම්පූර්ණයෙන්ම ස්වයංක්‍රීයව ධාවනය වෙන්න හදපු එකක්. දැනටමත් ටෙස්ලා සමාගම ඔස්ටින් නුවරදී මෝඩල් වයි (Model Y) රථ යොදාගෙන රොබෝ ටැක්සි සේවාවක් පවත්වාගෙන යනවා. හැබැයි මේ අලුත් සයිබර්කැබ් එකත් එක්ක ඔවුන් බලාපොරොත්තු වෙන්නේ වේමෝ (Waymo) වැනි සමාගම් වලට අභියෝගයක් වෙමින් ලොකු පරිමාණයෙන් රොබෝ ටැක්සි ජාලයක් දියත් කරන්නයි. විශේෂයෙන්ම මේ වාහන වල කැමරා තාක්ෂණය විතරක් පාවිච්චි කරලා ස්වයංක්‍රීයව ධාවනය කරන්න ටෙස්ලා උත්සාහ කරන නිසා, අනෙක් සමාගම් වලට වඩා අඩු වියදමකින් මේ සේවාව ලබා දෙන්න ඔවුන්ට පුළුවන් වෙයි කියලා විශ්වාස කරනවා.
ඇමරිකානු රජයත් මේ වගේ ස්වයංක්‍රීය වාහන වලට අවශ්‍ය නීති රීති ලිහිල් කරන්න කටයුතු කරමින් ඉන්න නිසා, ඉදිරියේදී මේ වගේ රියදුරෙක් නැති වාහන අපිට බහුලව දකින්න ලැබෙයි. කොහොම වුණත්, තාක්ෂණික ගැටලු සහ ආරක්ෂාව සම්බන්ධයෙන් තවමත් අභියෝග ගොඩක් තියෙනවා. ටෙස්ලා සමාගම මේ අභියෝග ජයගෙන කොයි වගේ සාර්ථකත්වයක් ලබයිද කියලා අපි ඉදිරියේදී බලමු.

Discussion & Feedback