ටෙස්ලා සමාගමේ ‘ෆුල් සෙල්ෆ් ඩ්‍රයිවිං’ (FSD) තාක්ෂණය භාවිත කළ මෝටර් රථයක් සම්බන්ධයෙන් ඇති වූ මාරක රිය අනතුරකට අදාළ නඩුවක් මේ වන විට සමථයකට පත් කර තිබෙනවා. 2023 වසරේදී සිදු වූ මෙම අනතුරින් 71 හැවිරිදි ජොනා ස්ටෝරි නම් කාන්තාවක් ජීවිතක්ෂයට පත් වුණේ ඇය රථවාහන ගමනාගමනය පාලනය කරමින් සිටියදී ටෙස්ලා මෝටර් රථයක ගැටීම නිසයි. මෙම නඩුවේ වන්දි මුදල හෝ කොන්දේසි පිළිබඳව කිසිදු තොරතුරක් මෙතෙක් හෙළි කර නැහැ.
කෙසේ වෙතත්, මෙම සිදුවීමත් සමඟ ටෙස්ලා සමාගමේ ස්වයංක්‍රීය රිය පැදවීමේ පද්ධතියේ ආරක්ෂාව පිළිබඳව දැඩි ප්‍රශ්න මතුව තිබෙනවා. විශේෂයෙන්ම හිරු එළිය, මීදුම හෝ දූවිලි වැනි දෘශ්‍යතාව අඩු අවස්ථාවලදී මෙම පද්ධතියට මාර්ගය නිවැරදිව හඳුනා ගැනීමට නොහැකි වීම ගැන ඇමරිකානු බලධාරීන් මේ වන විටත් පරීක්ෂණ පවත්වමින් ඉන්නවා. 2024 වසරේ ආරම්භ කළ මෙම පරීක්ෂණය පසුගිය මාර්තු මාසයේදී තවත් පුළුල් කළ අතර, පද්ධතියේ දෝෂ හේතුවෙන් වාහන ආපසු කැඳවීමට පවා සිදුවිය හැකි බවයි වාර්තා වෙන්නේ.
පසුගිය වසරේදී ටෙස්ලා රථ රතු එළි නොතකා ධාවනය කිරීම සහ වැරදි මංතීරු වලට ඇතුළු වීම සම්බන්ධයෙන් තවත් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. නීතිමය වශයෙන් පවුලේ අය සමඟ ඇති වූ ගැටලුව විසඳා ගත්තත්, ෆෙඩරල් පරීක්ෂණ තවමත් අවසන් වී නැති නිසා ටෙස්ලා සමාගමට ඉදිරියේදී විශාල අභියෝගයකට මුහුණ දීමට සිදුවනු ඇති බවයි තාක්ෂණික ක්ෂේත්රයේ විචාරකයින් පවසන්නේ.

Discussion & Feedback