ටෙස්ලා සමාගම තමන්ගේ චීන ව්‍යාපාරික කටයුතු සම්පූර්ණයෙන්ම වෙන් කර දැමීමට හෝ විකුණා දැමීමට සූදානම් වන බවට අලුත්ම වාර්තා පළවෙනවා. වෝල් ස්ට්‍රීට් ජර්නල් පුවත්පත පවසන විදිහට, ටෙස්ලා සහ ස්පේස්-එක්ස් (SpaceX) සමාගම් දෙක ඒකාබද්ධ කිරීමේ අරමුණින් තමයි මෙවැනි තීරණයක් ගැනීමේ සූදානමක් තියෙන්නේ. දැනටමත් ටෙස්ලා ආයතනයේ ඉහළ නිලධාරීන්ට මේ සම්බන්ධයෙන් සූදානම් වෙන්න කියලා උපදෙස් ලැබිලා තියෙනවා කියලයි ආරංචි වෙන්නේ. විශේෂයෙන්ම තායිවානය සම්බන්ධයෙන් චීනය සහ ඇමරිකාව අතර යම් ගැටුමක් ඇති වුණොත් මුහුණ දෙන්න ඕන නිසා, මීට කලින් ඉඳන්ම එලොන් මස්ක් මේ වගේ වෙන්වීමකට අවශ්‍ය සැලසුම් සකස් කරලා තිබුණා.
ඇත්තටම ස්පේස්-එක්ස් කියන්නේ ඇමරිකාවේ ආරක්ෂක අංශ සමඟ වැඩ කරන ආයතනයක් නිසා, එහි රහස්‍යභාවය සහ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් තියෙන්නේ දැඩි නීති රීති. ඒ නිසා ටෙස්ලා සමාගම චීනයෙන් වෙන් කර ගැනීම ඒ ඒකාබද්ධ වීමට ලොකු පහසුවක් වේවි. හැබැයි මේක ටෙස්ලා සමාගමට ලොකු අභියෝගයක් වෙන්න පුළුවන්. මොකද චීනය කියන්නේ ටෙස්ලා වාහන නිෂ්පාදනය කරන ප්‍රධානම මධ්‍යස්ථානය වගේම, ආසියාව සහ යුරෝපය ඇතුළු ලෝකයේ බොහෝ රටවලට වාහන බෙදාහරින ප්‍රධානම වෙළඳපොළක්. ඉතින් මේ වගේ ලොකු වෙනසක් වුණොත් ටෙස්ලා සමාගමේ අනාගත ගමන් මඟ කොහොම වෙයිද කියන එක ගැන ලෝකයම දැන් අවධානයෙන් ඉන්නේ.

Discussion & Feedback