ටෙස්ලා සමාගම ඔවුන්ගේ අලුත්ම නිර්මාණයක් වන ‘සයිබර්කැබ්’ (Cybercab) රොබෝ ටැක්සි රථ සඳහා නව පියවරක් තබා තිබෙනවා. ඒ අනුව, මෙම රථ මිලදී ගැනීමට හෝ ඒවා පවත්වාගෙන යාමට උනන්දුවක් දක්වන ව්‍යාපාරිකයන් වෙනුවෙන් විශේෂ අයදුම්පතක් ඔවුන් පසුගියදා හඳුන්වා දුන්නා. මීට පෙර එලොන් මස්ක්ගේ අදහස වී තිබුණේ ටෙස්ලා රථ හිමියන්ට තම වාහන කුලී රථ ලෙස යොදවා මුදල් ඉපයීමට ඉඩ ලබා දීමයි. නමුත් දැන් සමාගම තමන් පමණක් මෙම ව්‍යාපාරය කරනවා වෙනුවට, පිටස්තර සමාගම්වලටත් ඒ සඳහා අවස්ථාව ලබා දෙමින් තම ජාලය වේගයෙන් ව්‍යාප්ත කිරීමට උත්සාහ කරන බව පෙනී යනවා.
මෙම නව පියවර හරහා ටෙස්ලා සමාගම බලාපොරොත්තු වෙන්නේ රොබෝ ටැක්සි සේවාවන් ලොව පුරා වේගයෙන් ව්‍යාප්ත කිරීමටයි. මේ සඳහා උනන්දුවක් දක්වන ආයතනවලට රථ මිලදී ගැනීම, යටිතල පහසුකම් සැපයීම හෝ වෙනත් සහයෝගීතා ව්‍යාපෘති සඳහා ලියාපදිංචි වීමට අවස්ථාව ලැබෙනවා. දැනටමත් ලෝකයේ බොහෝ සමාගම් ස්වයංක්‍රීය රථ කළමනාකරණ ක්ෂේත්රයට පිවිසෙමින් සිටින අතර, ටෙස්ලාගේ මෙම තීරණය කුඩා ව්‍යාපාරිකයන්ටත් මෙම ක්ෂේත්රයට පිවිසීමට විශාල දොරටුවක් විවෘත කරනු ඇති බවයි වාර්තා වෙන්නේ. කෙසේ වෙතත්, මෙය තවමත් මූලික අදියරේ පවතින අතර, ඉදිරියේදී ටෙස්ලා සමාගම මෙම රොබෝ ටැක්සි ජාලය හරහා ලෝකයේ ප්‍රවාහන ක්ෂේත්රයේ විශාල පෙරළියක් කිරීමට සූදානම් වන බව පැහැදිලියි.

Discussion & Feedback