ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ නිවසකට ටෙස්ලා මෝටර් රථයක් කඩා වැදීමෙන් සිදු වූ මාරක අනතුර සම්බන්ධයෙන් මේ වන විට අලුත්ම තොරතුරු වාර්තා වෙනවා. ඇමරිකානු ජාතික ප්‍රවාහන ආරක්ෂක මණ්ඩලය (NTSB) සිදු කළ පරීක්ෂණයකින් හෙළි වී තිබෙන්නේ, එම අවස්ථාවේදී රියදුරු විසින් මෝටර් රථයේ වේගය පාලනය කරන පැඩලය 100%ක්ම පාගා තිබූ බවයි. පැයට සැතපුම් 30ක වේග සීමාවක් තිබූ ප්‍රදේශයක, පැයට සැතපුම් 70කට වඩා වැඩි වේගයකින් රථය ධාවනය කරමින් මෙම අනතුර සිදු කර තිබෙනවා. මෙම සිදුවීමෙන් 76 හැවිරිදි මාර්තා ඇවිලා නම් කාන්තාවක් ජීවිතක්ෂයට පත් වුණා.
අනතුර සිදු වූ අවස්ථාවේදී ටෙස්ලා සමාගමේ ‘Full Self-Driving’ තාක්ෂණය ක්‍රියාත්මකව තිබුණත්, රියදුරු විසින් එය අභිබවා යමින් රථය වේගවත් කර ඇති බවයි දත්ත මගින් තහවුරු වෙන්නේ. 44 හැවිරිදි මයිකල් බට්ලර් නම් මෙම රියදුරු තමන්ට සිහිය නැති වූ බව පොලිසියට පවසා තිබුණත්, ඔහු අන්තර්ජාලයේ සෙවූ දේවල් අනුව පෙනී යන්නේ ඔහු රථයේ වේගය ගැන කලකිරීමකින් සිටි බවයි. මේ වන විට ඔහුට එරෙහිව මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීමේ චෝදනා යටතේ නඩු පවරා තිබෙනවා. ටෙස්ලා සමාගම පවසන්නේ තම ස්වයංක්‍රීය තාක්ෂණය මෙයට වගකිව යුතු නොවන බවත්, රියදුරුගේ නොසැලකිලිමත්කම නිසාම මෙම ඛේදවාචකය සිදු වූ බවත්ය.

Discussion & Feedback