ලොව පුරා සිනමා රසිකයන්ගේ ආදරය දිනාගත් ජේම්ස් කැමරන්ගේ සුප්රසිද්ධ ‘ටර්මිනේටර් 2: ජජ්මන්ට් ඩේ’ (Terminator 2: Judgment Day) චිත්රපටය එහි 35 වැනි සංවත්සරය සැමරීම සඳහා නැවතත් ලොව පුරා සිනමාහල් වෙත පැමිණීමට සූදානම් වෙනවා. 1991 වසරේදී තිරගත වූ මෙම අතිසාර්ථක චිත්රපටය අගෝස්තු 28 වැනිදා සිට යළිත් තිරගත කිරීමට නියමිතයි. චිත්රපටයේ එන කතා පුවතට අනුව ‘ජජ්මන්ට් ඩේ’ දිනය යෙදී තිබෙන්නේ අගෝස්තු 29 වැනිදා නිසා, එම සතියේම මෙය තිරගත කිරීම ඉතා විශේෂ සිදුවීමක් ලෙසයි සැලකෙන්නේ.
ආර්නෝල්ඩ් ස්වාර්සෙනෙගර් ඇතුළු ප්රවීණ නළු නිළියන් රැසක් රංගනයෙන් දායක වූ මෙම චිත්රපටය, මෙවර නවීකරණය කරන ලද 3D තාක්ෂණයෙන් නැරඹීමේ අවස්ථාව ප්රේක්ෂකයන්ට හිමි වෙනවා. ජේම්ස් කැමරන් පවසන පරිදි, මෙම චිත්රපටය නිර්මාණය කර තිබෙන්නේම සිනමාහල්වල විශාල තිරයක අත්දැකීම ලබා ගැනීමටයි. වසර 35කට පසුව වුවත්, කෘත්රිම බුද්ධියට එරෙහිව මිනිසුන් ලබන ජයග්රහණය පිළිබඳ මෙම කතාව අදටත් ප්රේක්ෂකයන්ට විශාල බලාපොරොත්තුවක් ලබා දෙනවා.
ඇමරිකාව ඇතුළු රටවල් කිහිපයක දැනටමත් ටිකට්පත් අලෙවිය ආරම්භ කර තිබෙන අතර, ඔබට සිනමාහලට යාමට නොහැකි නම් Paramount+ හරහාත් මෙම විශිෂ්ට නිර්මාණය නැරඹීමේ පහසුකම තිබෙනවා. සිනමා ලෝලීන් අතර අදටත් නොමැකෙන මතකයක්ව පවතින මෙම චිත්රපටය නැවතත් විශාල තිරයකින් දැක බලා ගැනීමට ලැබීම සැබැවින්ම සතුටට කරුණක්.

Discussion & Feedback