දකුණු අප්‍රිකාවේ ජොහැන්නස්බර්ග් නගරයට ආසන්න ප්‍රදේශයකින් තවත් කාන්තාවකගේ මළ සිරුරක් හමුවීමත් සමඟ එරට ජනතාව දැඩි බියකට පත්වෙලා. පසුගිය මාස කිහිපය තුළ පමණක් මෙවැනි අයුරින් මියගිය කාන්තාවන් දස දෙනෙකුගේ සිරුරු හමුවී තිබෙනවා. අලුත්ම සිදුවීම වාර්තා වුණේ තෙම්බිසා ප්‍රදේශයේ සුසාන භූමියකින්. මියගිය කාන්තාවගේ මිතුරියක් පවසන විදිහට, ඇය පෙර දින රාත්‍රියේ තමන් සමඟ විනෝද වෙමින් සිටියදී ඇඳ සිටි ඇඳුම්වලින්ම ඇයව හඳුනාගන්න පුළුවන් වුණා. මේ සිදුවීමත් සමඟ දකුණු අප්‍රිකාවේ කාන්තාවන්ට එරෙහිව සිදුවන ප්රචණ්ඩත්වය පිළිබඳව ලොකු කතාබහක් ඇතිවෙලා තියෙනවා.
පොලිස් කොමසාරිස්වරයා පවසන විදිහට මේ මරණ සියල්ලම පාහේ එකම රටාවකට සිදුවී ඇති බවක් පෙනෙන්නට තිබෙනවා. ඒ නිසා මේ පිටුපස අනුක්‍රමික ඝාතකයෙකු සිටිනවාද යන්න ගැනත් ඔවුන් සැක පළ කරනවා. නමුත් තවමත් ඒ ගැන ස්ථිර නිගමනයකට එන්න බැහැ කියලා තමයි පොලිසිය කියන්නේ. දකුණු අප්‍රිකාව කියන්නේ ලෝකයේ කාන්තාවන්ට එරෙහි ප්රචණ්ඩත්වය ඉහළම රටක්. පසුගිය අප්‍රේල් සිට ජූනි දක්වා කාලය තුළ පමණක් කාන්තාවන් 569 දෙනෙකු ඝාතනයට ලක්වී ඇති බව මානව හිමිකම් කොමිසම පෙන්වා දෙනවා. මේ මරණ මාලාව නිසා එරට රජයටත් දැඩි පීඩනයක් එල්ල වී තිබෙන අතර, වැරදිකරුවන් අල්ලා ගැනීමට පොලිසිය දැඩි පරිශ්‍රමයක් දරමින් සිටිනවා.

Discussion & Feedback