යුක්රේනයේ කියෙව් අගනුවර ආසන්නයේ පැවති ඩ්‍රෝන තාක්ෂණික ප්‍රදර්ශනයක් ඉලක්ක කර ගනිමින් රුසියාව එල්ල කළ බැලස්ටික් මිසයිල ප්‍රහාරයකින් පුද්ගලයින් 10 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙම ප්‍රහාරයෙන් තවත් 100කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇති අතර, ආරක්ෂක අංශවල ප්‍රබල සාමාජිකයින් රැසක් එම අවස්ථාවට සහභාගී වී සිටීම හේතුවෙන් තත්ත්වය වඩාත් බරපතළ වී ඇති බවයි වාර්තා වෙන්නේ. රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය පවසන්නේ, රුසියානු ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කිරීම සඳහා යොදා ගන්නා ඩ්‍රෝන යානා නිෂ්පාදකයින් සහ ආරක්ෂක නිලධාරීන් එම ස්ථානයේ සිටි නිසා මෙම ප්‍රහාරය එල්ල කළ බවයි.
මේ අතර, යුක්රේනය විසින් රුසියාවේ කිරොව් නගරයේ පිහිටි හමුදා පහසුකම් සහ ප්‍රධාන පෙළේ අන්තර්ජාල වෙළඳ ආයතනයක් වන ‘වයිල්ඩ්බෙරීස්’ ගබඩා ඉලක්ක කර ගනිමින් ප්‍රතිප්‍රහාර එල්ල කර තිබෙනවා. මේ සිදුවීම් මාලාවත් සමඟ දෙරට අතර යුද උණුසුම තවත් ඉහළ ගොස් ඇති අතර, ඉදිරි පැය 48 ඇතුළත රුසියාවෙන් තවත් දැවැන්ත මිසයිල ප්‍රහාරයක් එල්ල විය හැකි බවට ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි අනතුරු අඟවා තිබෙනවා. මෙවැනි ප්‍රසිද්ධ ප්‍රදර්ශනයක් ආරක්ෂක තර්ජන මධ්‍යයේ පැවැත්වීම සම්බන්ධයෙන් මේ වන විට දැඩි විවේචන එල්ල වෙමින් පවතින අතර, ඒ පිළිබඳව විධිමත් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි බලධාරීන් පවසන්නේ.

Discussion & Feedback