යුක්රේනයේ ඔඩෙස්සා වෙරළ තීරයට ඔබ්බෙන් වූ කළු මුහුදේ ගමන් කරමින් තිබූ භාණ්ඩ ප්‍රවාහන නෞකාවකට රුසියාව එල්ල කළ දරුණු මිසයිල ප්‍රහාරයකින් පුද්ගලයින් දස දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ගිනියා-බිසාවු ධජය යටතේ යාත්‍රා කළ මෙම නෞකාව ඉලක්ක කර ගනිමින් රුසියාව එල්ල කළ ප්‍රහාරය හේතුවෙන් නෞකාව ගිනිගෙන ඇති අතර, මියගිය අය අතර ඉන්දීය ජාතිකයින් සිව්දෙනෙකු ද සිටින බවයි වාර්තා වෙන්නේ. යුක්රේනයේ කෘෂිකාර්මික අපනයන සඳහා අත්‍යවශ්‍ය වන මෙම සමුද්‍රීය මාර්ගය අවහිර කිරීමේ අරමුණින් රුසියාව මෑතක සිට මෙවැනි ප්‍රහාර තීව්ර කර තිබෙනවා.
මෙම ප්‍රහාරයත් සමඟ යුක්රේනයේ අපනයන කටයුතු සහ විදේශීය නෞකා සඳහා පවතින ආරක්ෂාව සම්බන්ධයෙන් දැඩි ගැටලුකාරී තත්ත්වයක් මතුව තිබෙනවා. ජූලි මාසයේදී පමණක් ඔඩෙස්සා කලාපයට එල්ල වූ ප්‍රහාරවලින් පුද්ගලයින් විසි අට දෙනෙකු මියගොස් ඇති අතර, යුක්රේනය ද ඊට ප්‍රතිචාර වශයෙන් රුසියානු ඉලක්ක වෙත ඩ්‍රෝන ප්‍රහාර එල්ල කරමින් සිටිනවා. යුද්ධය තවදුරටත් උත්සන්න වෙමින් පවතින පසුබිමක, සාමාන්‍ය ජනතාවගේ ජීවිත සහ ජාත්‍යන්තර නාවික ගමනාගමනය දැඩි අවදානමකට ලක්ව ඇති බවයි ජාත්‍යන්තර වාර්තා පෙන්වා දෙන්නේ. යුක්රේන රජය පවසන්නේ සිවිල් නෞකා සහ නාවිකයින් ආරක්ෂා කර ගැනීම සඳහා ඉදිරියේදී දැඩි පියවර ගන්නා බවයි.

Discussion & Feedback