ඇමරිකාවේ සැන් ඩියාගෝ නුවර මුස්ලිම් පල්ලියකට එල්ල වුණු ම්ලේච්ඡ ප්‍රහාරයක් සජීවීව වීඩියෝ ගත කර සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කළ බව කියන 17 හැවිරිදි දැරියකට මිනීමැරුම් චෝදනා එල්ල වෙලා තියෙනවා. මේ දැරිය උතුරු කැරොලිනා ප්‍රාන්තයේ පදිංචිකාරියක්. ඇය විසින් ප්‍රහාරය සිදු කළ තරුණයන් දෙදෙනාගේ අන්තවාදී අදහස් ඇතුළත් ප්රකාශනයක් ද අන්තර්ජාලයට මුදා හැර ඇති බවයි විමර්ශනවලදී හෙළි වුණේ. උතුරු කැරොලිනා නීතියට අනුව, අපරාධයකට ආධාර අනුබල දෙන පුද්ගලයෙකුට ප්‍රධාන අපරාධකරුට සමාන දඬුවම් ලබා දිය හැකි නිසා ඇයට මිනීමැරුම් චෝදනා තුනක් සහ කුමන්ත්‍රණය කිරීමේ චෝදනාවක් යටතේ නඩු පවරා තිබෙනවා.
පසුගිය මැයි 18 වැනිදා සිදු වූ මේ ප්‍රහාරයෙන් පුද්ගලයන් තිදෙනෙක් ජීවිතක්ෂයට පත් වුණා. පල්ලියේ ආරක්ෂක නිලධාරියෙක් ඇතුළු පිරිසක් එඩිතරව ක්‍රියා කිරීම නිසා එහි සිටි දරුවන් 140 දෙනෙකුගේ ජීවිත බේරා ගැනීමට හැකි වුණා. ප්‍රහාරය එල්ල කළ 17 සහ 18 හැවිරිදි තරුණයන් දෙදෙනා පසුව සියදිවි හානි කරගෙන තිබුණා. ඔවුන් සතුව ගිනි අවි 30ක් පමණ තිබී ඇති අතර, පල්ලියට අමතරව තවත් යුදෙව් දේවස්ථානයකට සහ පාසලකට ප්‍රහාර එල්ල කිරීමට ඔවුන් සැලසුම් කර තිබූ බවත් හෙළි වෙලා තියෙනවා. මේ සිදුවීම මුළු ලෝකයේම කතාබහට ලක් වුණු බරපතළ වෛරී අපරාධයක් බවයි බලධාරීන් පවසන්නේ.

Discussion & Feedback