ලොව පුරා රසිකයන්ගේ ආදරය දිනාගත්ත ‘ටෙඩ්’ (Ted) චිත්රපට මාලාවේ රසිකයන්ට සතුටුදායක ආරංචියක් ලැබිලා තියෙනවා. සෙත් මැක්ෆාර්ලේන්ගේ අධ්යක්ෂණයෙන් හැඩවුණු ‘Ted: The Animated Series’ ඇනිමේෂන් කතාමාලාව එළඹෙන දෙසැම්බර් 17 වැනිදා සිට Peacock ඔස්සේ විකාශය වෙන්න නියමිතයි. 2015 වසරේ තිරගත වුණු ‘ටෙඩ් 2’ චිත්රපටයෙන් වසර 12කට පසුව සිදුවන දේවල් තමයි මේ කතාමාලාවෙන් අපිට බලාගන්න පුළුවන් වෙන්නේ. මුල් චිත්රපටවල හඬකැවීම්වලින් දායක වුණු මාර්ක් වෝල්බර්ග්, අමන්දා සෙයිෆ්රයිඩ් සහ ජෙසිකා බාත් ඇතුළු ප්රධාන නළු නිළියන් පිරිසම නැවතත් මේ කතාමාලාවට එකතු වෙලා ඉන්නවා.
මේ කතාමාලාවේ පළමු කොටස් අට දෙසැම්බර් මාසයේදී නිකුත් කරන අතර, තවත් කොටස් 2027 වසරේදී විකාශය කිරීමට නියමිතයි. මෙහිදී ජෝන් සහ ඔහුගේ හොඳම මිතුරා වන ටෙඩ් අසල්වැසියන් ලෙස ජීවත් වෙමින්, විවාහ ජීවිතයේ සහ දරුවන් ඇති දැඩි කිරීමේදී මුහුණ දෙන විවිධ හාස්යජනක සිදුවීම් අපිට දැකගන්න පුළුවන්. සෙත් මැක්ෆාර්ලේන්, පෝල් කොරිගන් සහ බ්රැඩ් වෝල්ෂ් යන අයගේ නිර්මාණයක් වන මෙය, ටෙඩ් සහ ජෝන්ගේ පිස්සු වැඩ සහ අමුතු අදහස් නිසා ඇතිවන අවුල් ජාලාවන් වටා ගෙතී තියෙනවා. ඉතින්, ටෙඩ්ගේ රසිකයෙක් නම් මේ කතාමාලාව මග නොහැර බලන්න පුළුවන්.

Discussion & Feedback