ජනප්රිය ‘ටෙඩ් ලැසෝ’ (Ted Lasso) රූපවාහිනී කතාමාලාවේ ‘ඩැනී රොජාස්’ ලෙස රඟපෑ මෙක්සිකානු නළු ක්රිස්ටෝ ෆර්නැන්ඩස් තමන්ගේ ජීවිතයේ ලොකුම සිහිනයක් සැබෑ කරගන්න සමත් වුණා. වයස අවුරුදු 35ක් වන ඔහු පසුගිය ඉරිදා ඇමරිකාවේ දෙවන පෙළ පාපන්දු කණ්ඩායමක් වන ‘එල් පාසෝ ලොකොමෝටිව්’ (El Paso Locomotive) වෙනුවෙන් සිය මංගල වෘත්තීය පාපන්දු තරගයට ක්රීඩා කළා. ඔහු තරගයේ 79 වන මිනිත්තුවේදී ආදේශක ක්රීඩකයෙක් විදිහට පිටියට පිවිසුණේ බොහෝ දෙනෙක් පුදුමයට පත් කරමින්. මේ තරගයේදී ඔහුට කහ කාඩ්පතක් පවා ලැබුණු අතර, ඔහු පන්දුව ස්පර්ශ කළේ අවස්ථා තුනකදී පමණයි. කෙසේ වෙතත්, තමන්ගේ වෘත්තීය පාපන්දු සිහිනය සැබෑ කරගැනීම ගැන ඔහු ඉන්නේ හරිම සතුටින්.
ඇත්තටම ෆර්නැන්ඩස් කුඩා කාලයේ ඉඳන්ම පාපන්දු ක්රීඩාවට හරිම දක්ෂයි. නමුත් වයස අවුරුදු 15දී ඇති වුණු දණහිසේ ආබාධයක් නිසා ඔහුට ඒ සිහිනය අතහැර දාන්න සිද්ධ වුණා. පස්සේ කාලෙක ඔහු ලන්ඩනයට ගිහින් රංගන ශිල්පියෙක් විදිහට ජනප්රිය වුණා. ‘ටෙඩ් ලැසෝ’ කතාමාලාව හරහා ලෝක ප්රසිද්ධ වුණත්, ඔහු තමන්ගේ පාපන්දු ආශාව අතහැරියේ නැහැ. මේ ගැන ඔහු කියන්නේ තමන්ගේ හීන පස්සේ යන්න කවදාවත් ප්රමාද නැහැ කියලයි. මේ දිනවල ඔහු නැවතත් රංගනයට වගේම ක්රීඩාවටත් එකසේ කාලය වෙන් කරනවා. අගෝස්තු 5 වෙනිදා සිට ‘ටෙඩ් ලැසෝ’ හතරවන කතාමාලාවත් විකාශය වෙන්න නියමිත නිසා රසිකයන්ට ඔහුව නැවතත් තිරයෙන් දකින්න පුළුවන්.

Discussion & Feedback