කෘත්රිම බුද්ධිය හෙවත් AI තාක්ෂණය භාවිත කරමින් පුද්ගලයන්ගේ අවසරයකින් තොරව නිර්මාණය කරන ව්යාජ රූප සහ හඬ පට (Deepfakes) පාලනය කිරීම සඳහා ගෙන ආ ‘නෝ ෆේක්ස්’ (No Fakes Act) පනත ඇමරිකානු සෙනෙට් සභාවේදී තාවකාලිකව නතර වුණා. මෙම පනතට එරෙහිව සෙනෙට් සභික ටෙඩ් කෲස් සිය විරෝධය පළ කිරීම නිසා එය සම්මත කරගැනීමට නොහැකි වී තිබෙනවා. දේශපාලන උපහාසාත්මක නිර්මාණ සහ විවේචන සඳහා මෙම පනත හරහා ප්රමාණවත් නිදහසක් ලැබෙන්නේ නැති බවයි ඔහු පවසන්නේ. විශේෂයෙන්ම ‘බැබිලෝන් බී’ වැනි වෙබ් අඩවිවල පළවන උපහාසාත්මක නිර්මාණවලට මෙම පනතින් බාධා ඇති විය හැකි බවත්, එවැනි දේ තීරණය කිරීමේ බලය තාක්ෂණික සමාගම්වලට පැවරීම ගැටලු සහගත බවත් ඔහු පෙන්වා දෙනවා.
කෙසේ වෙතත්, මෙම පනතේ අනුග්රාහකයන් පවසන්නේ ප්රවෘත්ති, වාර්තාමය වැඩසටහන් සහ උපහාසාත්මක නිර්මාණ සඳහා පනත තුළ දැනටමත් ප්රමාණවත් ආරක්ෂාවක් ලබා දී ඇති බවයි. සෙනෙට් සභික මාෂා බ්ලැක්බර්න් සඳහන් කළේ, අදහස් ප්රකාශ කිරීමේ නිදහස උල්ලංඝනය නොවන පරිදි නීතිමය උපදෙස් මත මෙම පනත සකස් කර ඇති බවයි. යම් අන්තර්ගතයක් ඉවත් කළහොත් එය නැවත ලබා ගැනීමට අධිකරණ ක්රියාමාර්ග හරහා අවස්ථාව පවතින බවත් ඇය පවසනවා. කෙසේ වෙතත්, ටෙඩ් කෲස් සහ පනතේ අනුග්රාහකයන් අතර ඉදිරි සති කිහිපයේදී සාකච්ඡා පවත්වා මෙම ගැටලු නිරාකරණය කර ගැනීමට අපේක්ෂා කරනවා. කලාකරුවන් සහ ප්රධාන තාක්ෂණික සමාගම් රැසකගේ සහයෝගය මෙම පනතට හිමිව තිබීම විශේෂත්වයක්.

Discussion & Feedback