අන්තර්ජාලය හරහා කෘත්රිම බුද්ධිය භාවිත කරමින් නිර්මාණය කරන ව්යාජ රූප සහ හඬ පට (Deepfakes) පාලනය කිරීම සඳහා ගෙන ආ ‘නෝ ෆේක්ස්’ (No Fakes Act) පනත ඇමරිකානු සෙනෙට් සභාවේදී තාවකාලිකව නතර වුණා. මෙම පනත මගින් පුද්ගලයෙකුගේ අවසරයකින් තොරව ඔවුන්ගේ රුව හෝ හඬ ඩිජිටල් තාක්ෂණයෙන් අනුකරණය කිරීම තහනම් කිරීමට නියමිතව තිබුණා. කෙසේ වෙතත්, රිපබ්ලිකන් සෙනෙට් සභික ටෙඩ් කෲස් මෙම පනතට විරුද්ධ වීම හේතුවෙන් එය සම්මත කරගැනීමට නොහැකි වුණා. දේශපාලන උපහාසාත්මක නිර්මාණ සහ විවේචන සඳහා මෙම පනත හරහා නිදහසක් නොලැබෙනු ඇතැයි ඔහු සැක පළ කරනවා.
ටෙඩ් කෲස් පවසන්නේ මෙම පනතේ ඇති නීති රීති නිසා ‘බැබිලෝන් බී’ වැනි උපහාසාත්මක වෙබ් අඩවිවලට ගැටලු ඇති විය හැකි බවයි. විශේෂයෙන්ම දේශපාලන කටයුතුවලදී භාවිත කරන කෘත්රිම බුද්ධි නිර්මාණ සම්බන්ධයෙන් තාක්ෂණික සමාගම්වලට තීරණ ගැනීමේ බලය පැවරීම ඔහු ප්රශ්න කරනවා. නමුත් පනතේ අනුග්රාහකයින් පවසන්නේ ප්රකාශනයේ නිදහස ආරක්ෂා වන පරිදි අවශ්ය සියලු ව්යතිරේකයන් පනතට ඇතුළත් කර ඇති බවයි. කෙසේ වෙතත්, ඉදිරි සති කිහිපය තුළ මෙම පනතේ ඇති අඩුපාඩු නිවැරදි කරමින් නැවත සාකච්ඡා කිරීමට දෙපාර්ශවයම එකඟ වී තිබෙනවා. මෙම පනතට හොලිවුඩ් කලාකරුවන්ගේ මෙන්ම ගූගල් සහ ඕපන් ඒ.අයි වැනි ප්රධාන පෙළේ තාක්ෂණික සමාගම්වලද සහයෝගය හිමිවී තිබීම විශේෂත්වයක්.

Discussion & Feedback