තායිලන්තයේ බැංකොක් අගනුවරට ආසන්න නොන්තාබුරි ප්‍රදේශයේ පිහිටි පාසලක සිදුවූ දරුණු වෙඩි තැබීමකින් ගුරුවරුන් තිදෙනෙක් සහ සිසුන් තිදෙනෙක් ඇතුළු පිරිසක් ජීවිතක්ෂයට පත්වෙලා තියෙනවා. මේ සිද්ධියෙන් තවත් පිරිසක් තුවාල ලබා රෝහල්ගත කර ඇති බවයි එරට පොලිසිය සඳහන් කරන්නේ. වෙඩි තැබීම සිදුකළ සිසුවා පාසලට පැමිණීමට පෙර තමන්ගේ නිවසේදී තම ආච්චි සහ සීයා වෙඩි තබා ඝාතනය කර ඇති බවත් මූලික පරීක්ෂණවලදී අනාවරණය වෙලා තියෙනවා. මොහු පාසල තුළදී වෙඩි උණ්ඩ 26ක් පමණ නිකුත් කර ඇති අතර තවත් උණ්ඩ විශාල ප්‍රමාණයක් එම ස්ථානයේ තිබී සොයාගෙන තිබෙනවා.
මේ සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වපු තායිලන්ත අගමැතිවරයා පවසා තිබුණේ මෙය කිසිසේත්ම සිදු නොවිය යුතු ඉතාමත් කනගාටුදායක සිදුවීමක් බවයි. වෙඩි තැබීමට හේතුව මෙතෙක් පැහැදිලි නැති අතර, සිසුවා භාවිතා කළ ගිනි අවිය ඔහුගේ පවුලේ සාමාජිකයෙකුට අයත් එකක් බවට සැක කරනවා. මේ වන විට පාසල අවට ප්‍රදේශයේ දැඩි ආරක්ෂාවක් යොදවා ඇති අතර, දරුවන්ගේ ආරක්ෂාව ගැන බියට පත් දෙමාපියන් විශාල පිරිසක් පාසල අසලට පැමිණ සිටින අයුරු දැකගන්න පුළුවන්. තායිලන්තයේ ගිනි අවි භාවිතය ඉතා ඉහළ මට්ටමක පැවතීම මෙවැනි ඛේදවාචකයන් නිතර සිදුවීමට හේතුවක් වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

Discussion & Feedback