ලොවම කතාබහට ලක්වුණු ටේලර් ස්විෆ්ට්ගේ අතිසාර්ථක ‘ද ඒරස් ටුවර්’ ප්රසංග මාලාවේ අවසාන ප්රසංගය ඇතුළත් ‘Taylor Swift: The Eras Tour: The Final Show’ චිත්රපටය මේ වන විට එමි සම්මාන උළෙලේ නිර්දේශ පහක් සඳහා තේරී පත්වෙලා තියෙනවා. මේ චිත්රපටය හොඳම විවිධ විශේෂාංගය (Best Variety Special), හොඳම අධ්යක්ෂණය, හොඳම පින්තූර සංස්කරණය, හොඳම ශබ්ද මිශ්රණය සහ හොඳම තාක්ෂණික කැමරාකරණය යන අංශ යටතේ තමයි නිර්දේශ වෙලා තියෙන්නේ. විශේෂයෙන්ම ටේලර් ස්විෆ්ට් නිෂ්පාදකවරියක් සහ රංගන ශිල්පිනියක් විදිහට මේ නිර්දේශ අතරට එක්වීම ඇයගේ රසිකයන්ට ලොකු සතුටක් ගෙන දෙන කාරණයක්.
පැය තුනහමාරකට ආසන්න කාලයක් පුරා දිවෙන මේ චිත්රපටයේ ටේලර්ගේ ගීත 45ක් අන්තර්ගත වෙනවා. වැන්කුවර් නුවරදී රූගත කරපු මේ නිර්මාණය පසුගිය දෙසැම්බර් මාසයේදී ඩිස්නි ප්ලස් හරහා ප්රේක්ෂකයන්ට නැරඹීමට අවස්ථාව ලැබුණා. ග්ලෙන් වයිස් විසින් අධ්යක්ෂණය කරපු මේ චිත්රපටය, බැඩ් බනීගේ සුපර් බෝල් ප්රසංගය වැනි දැවැන්ත නිර්මාණ සමඟ තරඟ වදිනවා. ටේලර් ස්විෆ්ට් මීට පෙරත් 2015 වසරේදී එමි සම්මානයක් දිනාගෙන තියෙන නිසා, මෙවර ඇයගේ නිර්මාණයට ලැබුණු මේ ඇගයීම ඇයගේ සංගීත දිවියේ තවත් සුවිශේෂී සන්ධිස්ථානයක් විදිහට හඳුන්වන්න පුළුවන්. ඉදිරියේදී පැවැත්වෙන සම්මාන උළෙලේදී මේ චිත්රපටයට ජයග්රහණය කිරීමට හැකිවේද යන්න ගැන ලොව පුරා රසිකයන් දැන් බලාගෙන ඉන්නවා.

Discussion & Feedback