ලොවම ආදරය කරන ජනප්රිය ගායිකා ටේලර් ස්විෆ්ට් තමන්ගේ අලුත්ම ගීතය වන ‘පේෂන්ට් සීෙරෝ’ (Patient Zero) එළිදක්වන්න සූදානම් වෙනවා. මේ ගැන ඇය තමන්ගේ නිල වෙබ් අඩවියේ විශේෂ කවුන්ට්ඩවුන් එකක් පවා දාලා තිබුණා. සැප්තැම්බර් 25 වෙනිදා එළිදැක්වෙන මේ ගීතය වෙනුවෙන් දැනටමත් ඇයගේ වෙබ් අඩවිය හරහා සීඩී තැටි පෙර ඇණවුම් කරන්න රසිකයන්ට පුළුවන්. විශේෂයෙන්ම මේ ගීතයේ ඇකූස්ටික් සහ පියානෝ වර්ෂන් එකක් සහිතව වර්ණ කිහිපයකින්ම සීඩී තැටි නිකුත් කරන බව ඇය පවසා තිබෙනවා.
මේ ගීතයේ නම සහ ඇය මෑතකදී ‘ලෝ ඇන්ඩ් ඕඩර්’ වැඩසටහනක කළ රංගනය අතර යම් සම්බන්ධයක් තියෙනවා කියලා රසිකයන් අතර ලොකු කතාබහක් ඇතිවෙලා තියෙනවා. ඒ වගේම, සැප්තැම්බර් 27 වෙනිදා පැවැත්වෙන 2026 MTV වීඩියෝ මියුසික් සම්මාන උළෙලේදී ටේලර්ට ‘ආටිස්ට් ඩිරෙක්ටර් ඔනර්ස්’ සම්මානය පිරිනැමීමටත් නියමිතයි. ඇයගේ නිර්මාණාත්මක හැකියාව සහ සංගීත ක්ෂේත්රයට ලබාදුන් දායකත්වය අගයමින් මේ සම්මානය ඇයට හිමිවෙනවා.
ටේලර්ගේ ඉන්ස්ටග්රෑම් සටහන් සහ ඇය භාවිතා කරන අභිරහස් වචන නිසා රසිකයන් මේ ගීතය ගැන ගොඩක් උනන්දුවෙන් බලාගෙන ඉන්නවා. ‘පේෂන්ට් සීෙරෝ’ කියන නම පිටුපස තියෙන රහස කුමක්ද කියලා දැනගන්න හැමෝම වගේ කුතුහලයෙන් ඉන්නේ. කොහොම වුණත්, ටේලර් ස්විෆ්ට්ගේ අලුත්ම වැඩේ සංගීත ලෝකයේ ලොකු පෙරළියක් කරාවි කියලා තමයි හැමෝම විශ්වාස කරන්නේ.

Discussion & Feedback