පොප් සංගීත ලෝකයේ රැජින විදියට හැඳින්වෙන ටේලර් ස්විෆ්ට් තවත් සුවිශේෂී ජයග්රහණයක් තමන්ගේ නම ඉදිරියේ ලියාගන්න සූදානම් වෙනවා. ඒ අනුව, 2026 MTV වීඩියෝ සංගීත සම්මාන උළෙලේදී (VMA) පිරිනමන ප්රථම ‘MTV VMA Artist Director Honors’ සම්මානය හිමිවෙන්නේ ඇයටයි. සංගීත නිර්මාණ තුළින් සිනමාත්මක දර්ශන මවමින් සහ නිර්මාණාත්මක සීමාවන් අභිබවා යමින් ඇය සිදුකරන සුවිශේෂී දායකත්වය අගය කිරීම සඳහා මෙම සම්මානය හඳුන්වා දී තිබෙනවා. ඇය මීට පෙරත් VMA සම්මාන උළෙලේදී හොඳම අධ්යක්ෂවරිය ලෙස හතර වතාවක්ම සම්මාන දිනාගෙන තියෙනවා.
ටේලර් ස්විෆ්ට් කියන්නේ ග්රැමී සම්මාන හතරක් ‘වසරේ හොඳම ඇල්බමය’ ලෙස දිනාගත් එකම කලාකාරිනියයි. ඇයගේ ‘Eras Tour’ ප්රසංග මාලාව ලොව පුරා අතිවිශාල ආදායමක් උපයා ගත් අතර, එයින් නිර්මාණය වුණු චිත්රපටයත් ඉතිහාසයේ වැඩිම ආදායමක් ලැබූ ප්රසංග චිත්රපටය බවට පත්වුණා. ඇයගේ ගීතවල තිබෙන ගැඹුරු කතාන්දර සහ එකිනෙකට බැඳුණු සිනමාත්මක ලෝකයන් නිසා රසිකයන් ඇයගේ නිර්මාණවලට ගොඩක් ආදරය කරනවා. ඇයගේ මෙම නිර්මාණශීලී ගමන MTV ආයතනය විසින් මෙලෙස විශේෂයෙන් ඇගයීමට ලක් කිරීම ඇයගේ රසිකයන්ටත් ලොකු සතුටක් ගෙන දෙන කාරණයක්.
මෙම සම්මාන උළෙල සැප්තැම්බර් 27 වැනිදා ලොස් ඇන්ජලීස් නුවරදී පැවැත්වෙන අතර, එය CBS සහ MTV නාලිකා ඔස්සේ සජීවීව නැරඹීමේ අවස්ථාව රසිකයන්ට ලැබෙනවා. සංගීත ලෝකයේ නව පෙරළියක් කරමින් සිටින ටේලර් ස්විෆ්ට්ගේ මෙම නවතම ජයග්රහණය ඇයගේ කලා දිවියේ තවත් එක් සුවිශේෂී සන්ධිස්ථානයක් ලෙස සටහන් වෙනවා.

Discussion & Feedback