ජනප්රිය හොලිවුඩ් නළු මැතිව් මැකොනගි රංගනයෙන් දායක වීමට නියමිතව තිබූ ‘යෙලෝස්ටෝන්’ (Yellowstone) ස්පින්-ඕෆ් කතාමාලාව ගැන මේ දවස්වල ලොකු කතාබහක් ඇතිවෙලා තියෙනවා. පසුගිය වසර දෙක පුරාම මේ ව්යාපෘතිය ගැන කිසිම නිශ්චිත තොරතුරක් ලැබුණේ නැති නිසා රසිකයෝ හිටියේ ලොකු කුතුහලයකින්. ඒත් අලුත්ම සම්මුඛ සාකච්ඡාවකදී මැකොනගි මේ ගැන පැහැදිලි කරලා තියෙනවා. ඔහු කියන විදිහට මේ වැඩේ තාම සම්පූර්ණයෙන්ම නතර වෙලා නැහැ. කතාමාලාවේ නිර්මාතෘ ටේලර් ෂෙරිඩන් එක්ක ඔහු දිගින් දිගටම සාකච්ඡා පවත්වනවා කියලා තමයි ඔහු සඳහන් කරන්නේ. ඒත් තාම කිසිම දෙයක් නිශ්චිතව තීරණය වෙලා නැති නිසා රසිකයන්ට තව ටික කාලයක් ඉවසන්න සිද්ධ වෙනවා.
කෙවින් කොස්ට්නර් ප්රධාන චරිතය රඟපෑ යෙලෝස්ටෝන් කතාමාලාවේ ගැටලු මතු වුණාට පස්සේ තමයි මැකොනගිගේ මේ අලුත් ව්යාපෘතිය ගැන ආරංචි පැතිරුණේ. දැනටමත් ‘ද මැඩිසන්’ වගේ ස්පින්-ඕෆ් කතාමාලා කිහිපයක්ම එළිදැක්වුවත්, මැකොනගිගේ දායකත්වය සහිත කතාමාලාව ගැන තවමත් තියෙන්නේ අවිනිශ්චිත තත්ත්වයක්. කොහොම වුණත්, මැකොනගි මේ වසරේ අගභාගයේදී ඇපල් ටීවී ඔස්සේ එන ‘බ්රදර්ස්’ නම් කොමඩි කතාමාලාවකින් ප්රේක්ෂකයන් අතරට එන්න සූදානම් වෙනවා. යෙලෝස්ටෝන් රසිකයන්ට නම් මේ ආරංචිය ලොකු බලාපොරොත්තුවක් ලබා දෙනවා කියලා කියන්න පුළුවන්. ඉදිරියේදී මේ ගැන තවත් නිල තොරතුරු ලැබෙනකම් අපි බලාගෙන ඉමු.

Discussion & Feedback