මේ දවස්වල ලෝකයේම අවධානය දිනාගෙන තියෙන අලුත්ම ටෙලි කතා මාලාව තමයි ‘ලයනස්’ (Lioness). ‘යෙලෝස්ටෝන්’ වගේ දැවැන්ත නිර්මාණ හරහා ලෝකයේම ප්රසිද්ධ වුණු ටේලර් ෂෙරිඩන්ගේ මේ අලුත්ම ඔත්තු සේවා ත්රාසජනක කතා මාලාව මේ වෙනකොට Paramount+ වේදිකාවේ අංක එකේ වැඩසටහන බවට පත්වෙලා ඉවරයි. ඇමරිකාව, බ්රිතාන්යය, ඉතාලිය සහ දකුණු ඇමරිකානු රටවල් ගණනාවක් ඇතුළුව රටවල් 23කම මේ කතා මාලාව තමයි මේ වෙද්දී වැඩිපුරම නරඹන වැඩසටහන වෙලා තියෙන්නේ. සවුත් පාර්ක් සහ යෙලෝස්ටෝන් වගේ ජනප්රිය කතා මාලා පවා පහුකරගෙන මේක ඉහළටම ඇවිත් තියෙනවා.
මේ කතාවේ ප්රධාන චරිතය රඟපාන්නේ සුපිරි නිළි සෝයි සල්ඩානා. ඇයත් එක්ක නිකෝල් කිඩ්මන් සහ මෝගන් ෆ්රීමන් වගේ දැවැන්ත නළු නිළියන් පිරිසක් මේකට එකතු වෙලා ඉන්නවා. සී.අයි.ඒ. (CIA) ඔත්තු සේවයේ රහසිගත මෙහෙයුම් සහ ත්රස්තවාදයට එරෙහිව සටන් කරන කාන්තා කණ්ඩායමක් වටා තමයි මේ කතාව ගෙතිලා තියෙන්නේ. තුන්වෙනි කතා සමය ආරම්භ වුණාට පස්සේ කතාවේ තියෙන අභිරහස් සහ අනපේක්ෂිත සිදුවීම් නිසා විචාරකයින් පවා මේකට ඉතාමත් හොඳ ප්රතිචාර ලබා දීලා තියෙනවා.
ඔයාලටත් මේ අතිදැවැන්ත ඔත්තු සේවා කතා මාලාව Paramount+ හරහා නරඹන්න පුළුවන්. හැම ඉරිදාවකම අලුත් කොටස් නිකුත් වෙන නිසා, ඔත්තු සේවා සහ ත්රාසජනක කතා වලට කැමති අයට නම් මේක අනිවාර්යයෙන්ම බලන්න වටිනා නිර්මාණයක් කියලා කියන්න පුළුවන්.

Discussion & Feedback