ඔයා බටහිර ආරේ (Western) චිත්රපට සහ කතා මාලාවලට ගොඩක් කැමති කෙනෙක් නම්, නෙට්ෆ්ලික්ස් හරහා නිකුත් වුණු ‘American Primeval’ ගැන අනිවාර්යයෙන්ම දැනගන්න ඕනේ. ටේලර් ෂෙරිඩන්ගේ ‘Yellowstone’ වගේ කතා මාලා බටහිර ආරේ නිර්මාණවලට අලුත් පණක් දුන්නත්, මේ අලුත්ම කතා මාලාව ඊට වඩා ගොඩක් වෙනස්. මේකේ තියෙන අමු අමුවේ පේන ප්රචණ්ඩත්වය සහ බියකරු බව දකිනකොට ඔයාට ලියනාඩෝ ඩිකැප්රියෝගේ ‘The Revenant’ චිත්රපටය මතක් වෙන්නම පුළුවන්. ඒකට ප්රධානම හේතුව තමයි ‘The Revenant’ පිටපත ලියපු මාර්ක් එල්. ස්මිත් මේ කතා මාලාවත් නිර්මාණය කරලා තිබීම.
මේ කතාව ගෙතෙන්නේ තමන්ගේ සැමියාව මරලා දාලා පලා යන සාරා රෝවෙල් සහ ඇගේ පුතා වටායි. ඔවුන් මේ ගමනේදී මුහුණ දෙන අමානුෂික අත්දැකීම්, කුසගින්න, කාලගුණික තත්ත්වයන් සහ මරණයේ බිය ඇත්තටම හිතට දැනෙන විදිහට නිර්මාණය කරලා තියෙනවා. බෙටි ගිල්පින්ගේ රංගනය මේ කතාවට ලොකු ශක්තියක් වෙලා තියෙනවා. ‘Yellowstone’ වගේ කතාවල තියෙන පවුල් බැඳීම් සහ ආදරය මෙතැනදීත් දකින්න ලැබුණත්, මේක හදවත දුර්වල අයට නම් බලන්න ටිකක් අමාරු වෙන්න පුළුවන්. කොටස් හයකින් සමන්විත මේ කතා මාලාව එක දවසකින් වුණත් ඔයාට බලාගෙන ඉවර කරන්න පුළුවන්. ඔයා ඇත්තටම ත්රාසජනක සහ බටහිර ආරේ කතාවලට ආස නම්, මේක අනිවාර්යයෙන්ම ඔයාගේ ‘Watchlist’ එකට එකතු කරගන්න.

Discussion & Feedback