මේ දවස්වල හොලිවුඩයේ වැඩිපුරම කතාබහට ලක්වෙන නමක් තමයි ටේලර් ෂෙරිඩන් කියන්නේ. ‘Yellowstone’ වගේ ජනප්රිය ටෙලි නාට්ය මාලාවන් හරහා ලොකු ප්රේක්ෂක ආකර්ෂණයක් දිනාගත්ත ෂෙරිඩන්, ආයෙමත් සිනමාව පැත්තට හැරෙන්න සූදානම් වෙනවා. ඔහු මේ දවස්වල වැඩ කරන්නේ ‘F.A.S.T.’ කියන අලුත්ම ක්රියාදාම චිත්රපටය වෙනුවෙන්. මේක 2027 අප්රේල් 23 වෙනිදා තිරගත වෙන්න නියමිතයි. මේ චිත්රපටයේ කතාව ගෙතෙන්නේ හිටපු විශේෂ බළකායේ සෙබළෙක් වටා. ඔහු ඇමරිකාවට ආවට පස්සේ මත්ද්රව්ය ජාවාරම්කරුවන් පිරිසක් මර්දනය කරන්න රහසිගත මෙහෙයුමකට සම්බන්ධ වෙන විදිහ තමයි මෙයින් දැකගන්න පුළුවන් වෙන්නේ.
මේ චිත්රපටයේ ප්රධාන චරිතයට පණ පොවන්නේ ‘1923’ නාට්යයෙන් ජනප්රිය වුණු බ්රැන්ඩන් ස්ක්ලේනර්. ඒ වගේම මේක අධ්යක්ෂණය කරන්නේ ෂෙරිඩන්ගේ පෙර නිර්මාණවල කැමරා අධ්යක්ෂවරයා විදිහට වැඩ කරපු බෙන් රිචඩ්සන්. ‘Sicario’ සහ ‘Hell or High Water’ වගේ විශිෂ්ට චිත්රපට ලියපු ෂෙරිඩන්, මේ චිත්රපටය හරහා නැවතත් වැඩිහිටියන්ට ගැළපෙන, අර්ථවත් ක්රියාදාම චිත්රපට කලාව සිනමාවට ගේන්න උත්සාහ කරනවා. අද කාලේ තියෙන සුපිරි වීරයන්ගේ චිත්රපටවලට වඩා මේක වෙනස්ම අත්දැකීමක් වෙයි කියලා තමයි සිනමා විචාරකයෝ කියන්නේ. ඇත්තටම හොලිවුඩයේ අලුත් දේවල් දකින්න කැමති අයට මේක හොඳ ආරංචියක් වේවි.

Discussion & Feedback