තමිල්නාඩු ප්‍රාන්තයේ රජයේ සේවිකාවන්ට තමන්ගේ තුන්වන දරුවා වෙනුවෙන් දින 365ක වැටුප් සහිත මාතෘ නිවාඩුවක් ලබාදීමට එරට රජය තීරණය කරලා තියෙනවා. මීට කලින් තුන්වන දරුවා ලැබෙන අවස්ථාවලදී රජයේ සේවිකාවන්ට හිමි වුණේ සති 12ක නිවාඩුවක් විතරයි. නමුත් දැන් අලුත් තීරණයත් එක්ක, දරුවන් දෙදෙනෙකුට වඩා වැඩි පිරිසක් සිටින මව්වරුන්ටත් වසරක සම්පූර්ණ නිවාඩුවක් ලබාගන්න පුළුවන් වෙනවා. මේ ගැන තමිල්නාඩු මානව සම්පත් කළමනාකරණ අමාත්‍ය ආර්. සරත්කුමාර් මහතා ප්‍රකාශ කළේ, කාන්තා සවිබල ගැන්වීම සහ සමාජ සුබසාධනය වෙනුවෙන් විජේ රජය ගත් වැදගත් පියවරක් විදිහටයි.
මේ තීරණය ගැන කතාබහක් ඇති වුණේ මෑතකදී ටී.වී.කේ. මන්ත්‍රීවරියක් වන ආර්. පල්ලවි මහත්මිය තමන්ගේ අලුත උපන් බිළිඳාත් රැගෙන තමිල්නාඩු ප්‍රාන්ත සභාවට පැමිණීමත් එක්කයි. වැඩ කරන මව්වරුන්ට තමන්ගේ දරුවන් වෙනුවෙන් වැඩි කාලයක් වෙන් කරගන්න තියෙන අවශ්‍යතාවය මෙතැනදී මතු වුණා. මීට පෙර 2011, 2016 සහ 2021 වසරවලදීත් මාතෘ නිවාඩු කාලය ක්‍රමයෙන් වැඩි කරපු තමිල්නාඩු රජය, මේ පියවරත් එක්ක මව්වරුන්ට විශාල සහනයක් ලබා දීලා තියෙනවා. මේ සම්බන්ධයෙන් වන නිල රජයේ නියෝගය ඉතා ඉක්මනින් නිකුත් වෙයි කියලා තමයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.

Discussion & Feedback