දෙමළ නාඩුවේ බලයට පත් වී මාස දෙකක්වත් ගත වීමට පෙර, නළු විජේගේ නායකත්වයෙන් යුත් TVK රජය පෙරළා දැමීමට දැවැන්ත කුමන්ත්රණයක් ක්රියාත්මක වූ බවට තොරතුරු වාර්තා වෙනවා. TVK මන්ත්රීවරයෙකුට රුපියල් කෝටි 35ක අල්ලසක් ලබා දී රජයට එරෙහිව විශ්වාසභංගයක් ගෙන ඒමට උත්සාහ කළ බවයි වාර්තා වෙන්නේ. මේ සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලක් මත පරීක්ෂණ ඇරඹූ බුද්ධි අංශ, මේ වන විට උපදේශන ආයතනයක සේවකයින් ඇතුළු සැකකරුවන් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් පුද්ගලයින් අතර DMK පක්ෂයේ සෙන්තිල් බාලාජිගේ සමීපතමයින් සිටින බවට හෙළි වීමත් සමඟ දේශපාලන කරළිය උණුසුම් වී තිබෙනවා.
මේ සිදුවීම සම්බන්ධයෙන් අදහස් දක්වන TVK ඇමති සී.ටී. නිර්මල් කුමාර් පවසන්නේ, DMK පක්ෂය සහ AIADMK නායක එඩප්පාඩි පලනිසාමි එක්ව විජේගේ රජය අස්ථාවර කිරීමට උත්සාහ කරන බවයි. ඔවුන් මන්ත්රීවරුන්ට කෝටි 10 සිට 50 දක්වා මුදල් ලබා දෙමින් පක්ෂ මාරු කිරීමට පෙළඹවීම් කරන බවත් ඔහු චෝදනා කරනවා. කෙසේ වෙතත්, මෙම චෝදනා ප්රතික්ෂේප කරන DMK පක්ෂය පවසන්නේ, TVK රජය පදනම් විරහිත කරුණු ගොතමින් ජනතාව නොමඟ යැවීමට උත්සාහ කරන බවයි. තමන්ට එරෙහිව සාක්ෂි තිබේ නම් සෙන්තිල් බාලාජිව අත්අඩංගුවට ගන්නා ලෙස ඔවුන් අභියෝග කරනවා. විජේ සහ සෙන්තිල් බාලාජි අතර පවතින දීර්ඝකාලීන විරසකය ද මෙම ගැටුමට හේතු වී ඇති බවයි දේශපාලන විචාරකයින් පවසන්නේ.

Discussion & Feedback