ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගනු ලැබූ ඉන්දීය ධීවරයන් නව දෙනෙකු සහ ඔවුන්ගේ බෝට්ටුව කඩිනමින් නිදහස් කර ගැනීමට මැදිහත් වන ලෙස ඉල්ලා තමිල්නාඩු ප්‍රාන්තයේ මහ ඇමති විජේ මහතා ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා වෙත විශේෂ ලිපියක් යොමු කර තිබෙනවා. රාමනාදපුරම් දිස්ත්‍රික්කයට අයත් මෙම ධීවරයන් පිරිස අත්අඩංගුවට පත්වීමත් සමඟ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් දැඩි අසීරුතාවකට පත්ව සිටින බවත්, ඔවුන්ගේ ජීවනෝපාය මාර්ගය වන බෝට්ටුවද අත්අඩංගුවේ පවතින නිසා එය විශාල ගැටලුවක් වී ඇති බවත් ඔහු පෙන්වා දෙනවා.
මෙම සිදුවීම සම්බන්ධයෙන් කඩිනමින් රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් සාකච්ඡා කර, අත්අඩංගුවේ පසුවන ධීවරයන් සහ ඔවුන්ගේ යාත්‍රාව යළි ලබා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි මහ ඇමතිවරයා ඉන්දීය විදේශ අමාත්‍යවරයාගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ. දෙරටේ ධීවර ප්‍රජාව මුහුණ දෙන මෙවැනි ගැටලු විසඳා ගැනීම සඳහා ස්ථිරසාර වැඩපිළිවෙලක අවශ්‍යතාවයද මෙහිදී අවධාරණය කෙරෙනවා. කෙසේ වෙතත්, ඉන්දීය ධීවරයන් නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඇතුළු වීම සම්බන්ධයෙන් නිරන්තරයෙන්ම මෙවැනි අත්අඩංගුවට ගැනීම් සිදුවන අතර, ඒ පිළිබඳව දෙරටේම අවධානය යොමුව තිබෙනවා.

Discussion & Feedback