ලෝක ප්‍රසිද්ධ පේපෑල් (PayPal) සමාගම මිලදී ගැනීම සඳහා ස්ට්‍රයිප් (Stripe) සහ ඇඩ්වෙන්ට් (Advent) සමාගම් අතර පවතින සාකච්ඡා මේ දිනවල නැවතත් උණුසුම් වෙමින් පවතින බව වාර්තා වෙනවා. මීට පෙර ජූලි මාසයේදී ඩොලර් බිලියන 53ක වටිනාකමකට පේපෑල් සමාගම මිලදී ගැනීමට යෝජනාවක් ඉදිරිපත් වුණත්, එකල පේපෑල් ආයතනය එය ප්‍රතික්ෂේප කර තිබුණා. කෙසේ වෙතත්, මේ වන විට ලැබෙන නවතම තොරතුරු අනුව, දෙපාර්ශවය අතර සාකච්ඡා තවමත් නතර වී නැති අතර ඉදිරි සති කිහිපය තුළදී මෙම ගනුදෙනුව පිළිබඳ තීරණාත්මක එකඟතාවයකට පැමිණීමට ඉඩ ඇති බවයි වාර්තා වෙන්නේ.
පේපෑල් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී එන්රික් ලෝරස් මේ වන විට සමාගම යළි ගොඩනැගීමේ දැවැන්ත සැලැස්මක් ක්‍රියාත්මක කරමින් ඉන්නවා. එහි කොටසක් ලෙස සමාගම අංශ තුනකට බෙදා වෙන් කිරීම සහ ඉදිරි වසර කිහිපය තුළ සේවක සංඛ්‍යාව 20%කින් අඩු කිරීමටත් ඔහු පියවර ගෙන තිබෙනවා. 1998 වසරේදී එලොන් මස්ක් ඇතුළු ප්‍රබලයන් පිරිසක් විසින් ආරම්භ කළ පේපෑල් සමාගම, පසුගිය කාලයේ පැවති ආර්ථික අභියෝග හමුවේ යම් පසුබෑමකට ලක් වුණා. කෙසේ වෙතත්, මෙම විකිණීමේ ගනුදෙනුව සිදුවුවහොත් එය තාක්ෂණික ලෝකයේ විශාලතම වෙනසක් වනු ඇති බවටයි වෙළඳපොළ විශ්ලේෂකයන් පවසන්නේ. මේ සම්බන්ධයෙන් පේපෑල් හෝ ස්ට්‍රයිප් සමාගම් තවමත් නිල වශයෙන් කිසිවක් ප්‍රකාශ කර නැහැ.

Discussion & Feedback