ලෝක ප්‍රසිද්ධ පේපෑල් (PayPal) සමාගම මිලදී ගැනීම සඳහා ස්ට්‍රයිප් (Stripe) සහ ඇඩ්වෙන්ට් (Advent) සමාගම් අතර පවතින සාකච්ඡා මේ දිනවල නැවතත් උණුසුම් වෙමින් පවතින බව වාර්තා වෙනවා. මීට පෙර ජූලි මාසයේදී ඩොලර් බිලියන 53ක වටිනාකමකට පේපෑල් සමාගම මිලදී ගැනීමට යෝජනාවක් ඉදිරිපත් වුණත්, එකල පේපෑල් ආයතනය එය ප්‍රතික්ෂේප කර තිබුණා. නමුත් වෝල් ස්ට්‍රීට් ජර්නල් වාර්තා කරන විදිහට, මේ සම්බන්ධයෙන් වන සාකච්ඡා තවමත් නතර වී නැති අතර ඉදිරි සති කිහිපය තුළදී යම් එකඟතාවයකට පැමිණීමේ හැකියාවක් පවතිනවා.
පේපෑල් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී එන්රික් ලෝරස් මේ වන විට සමාගම ගොඩගැනීම සඳහා දැඩි උත්සාහයක නිරත වෙනවා. ඔහු සමාගම කොටස් තුනකට බෙදා ව්‍යාපාරික ආකෘති වෙනස් කිරීමටත්, ඉදිරි වසර කිහිපය තුළ සේවක සංඛ්‍යාව 20%කින් අඩු කර වියදම් පාලනය කිරීමටත් සැලසුම් කර තිබෙනවා. 1998දී එලොන් මස්ක් වැනි දැවැන්තයින් විසින් ආරම්භ කළ පේපෑල් සමාගම, පසුගිය කාලයේ මුහුණ දුන් ආර්ථික පසුබෑමෙන් ගොඩ ඒමට මෙවැනි දැඩි තීරණ ගැනීමට සිදුව තිබෙනවා. කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් පේපෑල් හෝ ස්ට්‍රයිප් සමාගම් තවමත් නිල වශයෙන් කිසිදු අදහස් දැක්වීමක් කර නැහැ.

Discussion & Feedback