ශ්‍රී ලංකාව වටා පවතින මුහුදු ප්‍රදේශ කිහිපයක් සඳහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් මේ වන විට රතු නිවේදනයක් නිකුත් කරලා තියෙනවා. අගෝස්තු දෙවැනිදා රාත්‍රී අටේ ඉඳන් අගෝස්තු තුන්වැනිදා රාත්‍රී අට දක්වා මේ අනතුරු ඇඟවීම බලපැවැත්වෙනවා. විශේෂයෙන්ම ගාල්ලේ ඉඳන් හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ ඉතාමත් රළු වෙන්න පුළුවන් කියලා තමයි අනාවැකි පළ වෙලා තියෙන්නේ. මේ ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර් හැටත් හැත්තෑවත් අතර ප්‍රමාණයකින් ඉහළ යන්න ඉඩ තියෙන නිසා ධීවර සහ නාවික ප්‍රජාව මේ ගැන ගොඩක් සැලකිලිමත් වෙන්න ඕනේ.
ඒ වගේම පුත්තලමේ ඉඳන් කොළඹ හරහා ගාල්ල දක්වා වන මුහුදු ප්‍රදේශත් විටින් විට රළු වෙන්න පුළුවන්. මෙහිදී සුළඟේ වේගය පැයට කිලෝමීටර් පනහත් හැටත් අතර අගයක පවතිනවා. මේ නිසා අදාළ මුහුදු ප්‍රදේශවල කටයුතු කරන සියලුම දෙනාට දැනුම් දෙන්නේ මේ කාලසීමාව තුළ මුහුදු යාමෙන් වළකින්න කියලයි. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරන ඉදිරි නිවේදන ගැන නිරන්තරයෙන් අවධානයෙන් ඉන්න කියලා තමයි ඔවුන් වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ. අනවශ්‍ය අවදානම්වලින් වැළකී ආරක්ෂිතව ඉන්න කියලා අපිත් සියලුම දෙනාට මතක් කරනවා.

Discussion & Feedback