තායිවානයේ පදිංචි පුද්ගලයෙක් තමන්ගේ බිරිඳගේ අනියම් සම්බන්ධය ඔප්පු කරන්න රොබෝ වැකුම් ක්ලීනර් එකක් පාවිච්චි කරලා අන්තිමේදී හිරේ ගිය පුවතක් ගැන මේ දවස්වල ලෝකය පුරාම කතාබහක් ඇතිවෙලා තියෙනවා. මේ පුද්ගලයා තමන්ගේ බිරිඳගේ හැසිරීම ගැන සැක හිතලා, නිවසේ තිබුණු රොබෝ වැකුම් ක්ලීනර් එකේ තියෙන ශ්‍රව්‍ය පද්ධතිය දුරස්ථව ක්‍රියාත්මක කරලා තමයි ඇයගේ රහසිගත ක්‍රියාකලාපයන් වීඩියෝ කරගෙන තියෙන්නේ. මේ සාක්ෂි පාවිච්චි කරලා ඔහු සිවිල් උසාවියකදී නඩුවක් දිනාගෙන බිරිඳගෙන් සහ ඇයගේ පෙම්වතාගෙන් වන්දි මුදලක් ලබාගන්නත් සමත් වුණා.
නමුත් මේ ජයග්‍රහණය ඔහුට වැඩි දවසක් පවතින්න ලැබුණේ නැහැ. බිරිඳ විසින් තමන්ගේ පෞද්ගලිකත්වයට හානි කළා කියලා සැමියාට විරුද්ධව නඩුවක් ගොනු කළා. උසාවිය තීන්දු කළේ විවාහක වුණා කියලා කාගේවත් පෞද්ගලිකත්වයට රහසින් ඇඟිලි ගහන්න කාටවත් අයිතියක් නැහැ කියලා. ඒ අනුව, අවසරයකින් තොරව රහසිගතව වීඩියෝ කිරීමේ වරදට සැමියාට මාස පහක සිරදඬුවමක් සහ දඩ මුදලක් ගෙවන්න සිද්ධ වුණා. මේ සිද්ධිය සමාජ මාධ්‍යවල ලොකු කතාබහකට ලක්වෙලා තියෙනවා. ගොඩක් අය කියන්නේ තමන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටියත්, නීතියේ සීමාවන් ඉක්මවා ගියොත් අවසානයේ තමන්ටම ඒක කරදරයක් වෙනවා කියන එකයි.

Discussion & Feedback