සිරියාවේ අගනුවර වන දමස්කස් නුවරට නිරිත දෙසින් පිහිටි බෙයිට් ජින් ගම්මානයට ඊශ්‍රායලය විසින් එල්ල කළ ප්‍රහාරය දැඩි ලෙස හෙළා දකින බව සිරියානු බලධාරීන් පවසනවා. මේ ප්‍රහාරයෙන් සිවිල් වැසියන් ගමන් කළ වාහනයකට හානි සිදුවී කිහිප දෙනෙක් තුවාල ලබා තිබෙනවා. සිරියාව පවසන්නේ මෙය තම රටේ ස්වෛරීභාවයට සහ ජාත්‍යන්තර නීතියට එල්ල කළ බරපතළ පහරක් බවයි. නමුත් ඊශ්‍රායල හමුදාව පවසන්නේ තමන් ඉලක්ක කළේ ප්‍රහාරයකට සූදානම් වෙමින් සිටි ත්‍රස්තවාදියෙකු බවයි.
පසුගිය දින කිහිපය තුළ සිරියාවේ ස්ථාන කිහිපයකටම ඊශ්‍රායල ප්‍රහාර එල්ල වී තිබෙනවා. විශේෂයෙන්ම තුර්කි දේශසීමාව ආසන්නයේ තිබෙන ගුවන් හමුදා කඳවුරකට එල්ල කළ ප්‍රහාරය කලාපයේ උණුසුම තවත් වැඩි කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් ඇමරිකාව පවා සිය විරෝධය පළ කර ඇති අතර, මෙය කලාපීය ස්ථාවරත්වයට තර්ජනයක් බව පෙන්වා දෙනවා. කෙසේ වෙතත්, ඊශ්‍රායලය තමන්ගේ බුද්ධි තොරතුරු මත පදනම්ව ආරක්ෂක පියවර ගන්නා බව පවසමින් මෙම චෝදනා ප්‍රතික්ෂේප කරනවා.
බෂාර් අල්-අසාද්ගේ පාලනය බිඳ වැටීමෙන් පසු සිරියාවේ තත්ත්වය තවමත් අවිනිශ්චිතයි. මේ වන විට සිරියාව සහ තුර්කිය අතර පවතින සබඳතා සහ ඊශ්‍රායලයේ සැකසහිත ආකල්ප නිසා මැදපෙරදිග කලාපයේ ගැටුම් තවදුරටත් උත්සන්න වීමේ අවදානමක් තිබෙනවා. සිරියාවේ නව පාලනය බටහිර රටවල් සමඟ සමීප සබඳතා ගොඩනඟා ගැනීමට උත්සාහ කළත්, මෙවැනි ප්‍රහාර මගින් රටේ සාමය සහ ආරක්ෂාවට විශාල බාධාවක් එල්ල වී ඇති බවයි දේශපාලන විචාරකයින් පෙන්වා දෙන්නේ.

Discussion & Feedback