ප්‍රකට හොලිවුඩ් නළු සිල්වෙස්ටර් ස්ටැලෝන් පසුගිය දිනක හෙළි කළා ඔහුට කිසිම දිනක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පිරිනැමූ ‘හොලිවුඩ් විශේෂ තානාපති’ තනතුර භාර ගැනීමට කිසිදු අදහසක් තිබුණේ නැති බව. ඇත්තටම ඔහු මේ ගැන දැනගෙන තියෙන්නෙත් රූපවාහිනියෙන් පුවතක් විදිහට මේ පත්වීම ප්‍රකාශයට පත් කළාට පස්සේ. තමන්ට මේ වගේ තනතුරක් ගැන කලින් අහලා තිබුණා නම් අනිවාර්යයෙන්ම ඒක ප්‍රතික්ෂේප කරන බවත්, මේක ප්‍රායෝගිකව කරන්න බැරි වැඩක් බවත් ඔහු පවසනවා.
ස්ටැලෝන් කියන විදිහට හොලිවුඩ් කියන්නේ එකිනෙකට වෙනස් රාජධානි වගේ තැන්. එතන ඉන්න ලොකු චිත්රාගාරවලට ගිහින් මේ විදිහට වැඩ කරන්න කියලා උපදෙස් දෙන්න කාටවත් බැහැ. ඒ වගේම ඔහු පෙන්වා දෙන්නේ තමන් වගේම මෙල් ගිබ්සන් සහ ජොන් වොයිට් කියන්නේ තමන්ගේ වැඩ තමන්ම කරගන්නා ස්වාධීන අය බවයි. ඒ නිසා මේ වගේ තානාපති වැඩක් හොලිවුඩ් තුළ සාර්ථක වෙන්නේ නැති බව ඔහු මුල සිටම දැනගෙන හිටියා.
කෙසේ වෙතත්, මේ පත්වීම සම්බන්ධයෙන් අනිත් දෙදෙනා වන මෙල් ගිබ්සන් සහ ජොන් වොයිට් යම් යම් යෝජනා ඉදිරිපත් කර තිබුණත්, ස්ටැලෝන් නම් මේ මුළු සිදුවීමම දකින්නේ ටිකක් විහිලු සහගත දෙයක් විදිහටයි. ඔහු පවසන්නේ තමන්ට මේ ගැන කිසිම උනන්දුවක් නැති බවත්, හොලිවුඩ් කියන්නේ ආයතනික මට්ටමින් සිදුවන සංකීර්ණ ව්‍යාපාරයක් නිසා එහි මූල්‍ය කටයුතු ගැන තමන්ට මැදිහත් වෙන්න බැරි බවත්ය.

Discussion & Feedback