ලෝක ප්රසිද්ධ රංගන ශිල්පී සිල්වෙස්ටර් ස්ටැලෝන් තමන්ගේ අලුත්ම මතක සටහන් පොත එළිදක්වමින් තමන්ගේ පියා සමඟ තිබූ අමිහිරි අත්දැකීමක් ගැන හෙළි කරලා තියෙනවා. 1976 වසරේ තිරගත වුණු සුප්රසිද්ධ ‘රොකී’ චිත්රපටයේ බොක්සිං තරගයේ සීනුව නාද කරන්නා ලෙස ස්ටැලෝන් තමන්ගේ පියාව සම්බන්ධ කරගත්තේ ඔහු තමන් ගැන ආඩම්බර වේවි කියලා හිතාගෙනයි. ඒත් රූගත කිරීම් අතරතුර පියා හරියට සීනුව නාද නොකිරීම නිසා රංගන ශිල්පීන් අතර ලොකු කලබලයක් ඇති වුණා. මේ සිදුවීම නිසා පියා සහ පුතා අතර ඉතාමත් නරක විදිහේ ගැටුමක් ඇති වුණු බවත්, ඒක හරියට ඉතාලි චිත්රපටයක එන දර්ශනයක් වගේ වුණු බවත් ස්ටැලෝන් පවසනවා.
ස්ටැලෝන් කියන විදිහට ඔහුගේ පියා ඉතාමත් දැඩි සහ සීතල ගතිගුණ තිබුණු කෙනෙක්. කුඩා කාලයේ පටන්ම පියාගෙන් ලැබුණු දරුණු සැලකීම් ගැනත් ඔහු මෙහිදී සිහිපත් කරනවා. පියා සමඟ තිබූ ඒ අමිහිරි සම්බන්ධතාවය 2011 වසරේ ඔහු මිය යන තුරුම පැවතුණා. තමන්ගේ ජීවිත කතාව ගැන ලියැවුණු මේ පොතේ බොහෝ දේවල් ඇතුළත් නොකළේ තමන්ට අනුකම්පාවක් අවශ්ය නැති නිසා බවත් ඔහු සඳහන් කරනවා. කෙසේ වෙතත්, ස්ටැලෝන්ගේ ජීවිත කතාව ඇතුළත් ‘අයි ප්ලේ රොකී’ (I Play Rocky) චිත්රපටය නොවැම්බර් 6 වැනිදා තිරගත වීමට නියමිතයි. මේ චිත්රපටයෙන් ස්ටැලෝන්ගේ අතීත අරගලය සහ රොකී චිත්රපටය නිර්මාණය වුණු ආකාරය ගැන ප්රේක්ෂකයන්ට බලාගන්න පුළුවන් වේවි.

Discussion & Feedback