හොලිවුඩ් සිනමාවේ දැවැන්තයෙක් වන සිල්වෙස්ටර් ස්ටැලෝන් මේ දවස්වල අලුත්ම වැඩකට අතගහලා තියෙනවා. ඒ තමයි ඇමසන් එම්.ජී.එම් ස්ටූඩියෝස් එක්ක එකතු වෙලා ජනප්‍රිය නවකතා මාලාවක් ටෙලි නාට්‍යයක් විදිහට නිර්මාණය කිරීම. වික්ටෝරියා වයිල්ඩර් ලියපු ‘ද බෝබන් බෝයිස්’ (The Bourbon Boys) කියන ආදර සහ අභිරහස් නවකතා මාලාව තමයි මේ විදිහට රූපවාහිනියට එන්න සූදානම් වෙන්නේ. මේ කතාව ගෙතිලා තියෙන්නේ ෆියාස්කෝ කියන නගරයේ ඉන්න හිටපු පොලිස් නිලධාරියෙක් සහ ඒ නගරයට අලුතින් එන ලේනි යන්ග් කියන කාන්තාව වටා. ලේනි වැඩට යන්නේ ග්‍රාන්ට් ෆොක්ස්ගේ පවුලේ මත්පැන් ආසවනය කරන ස්ථානයට. හැබැයි මේ ගමන ඇතුළේ ලේනිගේ අතීතයේ තියෙන රහස් එළියට එනකොට කතාව හරිම කුතුහලයකින් පිරෙනවා.
මේ නිර්මාණයට ස්ටැලෝන්ගේ දියණිය වන සෝෆියා ස්ටැලෝන් සහ ‘ද ෆ්ලයිට් ඇටෙන්ඩන්ට්’ කතා මාලාවේ නිර්මාණකරුවන් වන මෙරඩිත් ලැවෙන්ඩර් සහ මාර්සි උලින් දායක වෙනවා. සෝෆියා කියන විදිහට මේ කතාවේ ආදරය, අභිරහස සහ පවුලේ බැඳීම් වගේම කාන්තාවකගේ අතීතයේ සැඟවුණු රහස් ගොඩක් තියෙනවා. මේක ඇත්තටම ප්‍රේක්ෂකයන්ගේ ආකර්ෂණය දිනාගන්න පුළුවන් වෙනස්ම විදියේ කතාවක් වෙයි කියලා තමයි ඔවුන් බලාපොරොත්තු වෙන්නේ. දැනටමත් මේ නවකතා මාලාව ඇමසන් වෙබ් අඩවියේ වැඩිපුරම අලෙවි වුණු පොත් අතරේ ඉහළින්ම තියෙන නිසා, මේ ටෙලි නාට්‍යයත් ලොකු ජනප්‍රියත්වයක් ලබයි කියලා තමයි හැමෝම හිතන්නේ. ඉතින් ස්ටැලෝන්ගේ නිෂ්පාදනයක් විදිහට එන මේ අලුත්ම වැඩේ ගැන රසිකයන් ඉන්නේ ලොකු බලාපොරොත්තුවකින්.

Discussion & Feedback