ප්‍රසිද්ධ නිළි සිඩ්නි ස්වීනි මෑතකදී පෙනී සිටි ක්‍රීඩා ඔට්ටු ඇල්ලීමේ වෙළඳ දැන්වීමක් නිසා මේ දිනවල ලෝකයේම අවධානය ඇය දෙසට යොමු වෙලා තියෙනවා. මේ දැන්වීමේදී ඇය කිසිදු ඇඳුමක් නොමැතිව ක්‍රීඩා උපකරණ පමණක් භාවිත කරමින් පෙනී සිටීම නිසා කාන්තා ක්‍රීඩිකාවන් විශාල පිරිසක් දැඩි කෝපයකින් ඉන්නේ. විශේෂයෙන්ම ඔලිම්පික් පදක්කම් දිනූ ක්‍රීඩිකාවන් පවසන්නේ මෙය කාන්තා ක්‍රීඩාව ලිංගිකකරණය කිරීමක් බවත්, ක්‍රීඩාව වෙනුවෙන් කැපවෙන සෑම කාන්තාවකටම කරන ලද අපහාසයක් බවත්ය. ඔලිම්පික් ශූරියක වන ඒරියන් ටිට්මස් පවා පවසා තිබුණේ කාන්තාවකගේ ශරීරය මුදල් ඉපයීමේ මාර්ගයක් කර ගැනීම තවමත් සිදුවීම කනගාටුදායක බවයි.
මේ සිදුවීමත් එක්ක ඇමරිකානු ජිම්නාස්ටික් ක්‍රීඩිකා ග්‍රේසි ක්‍රේමර් ඇතුළු තවත් ක්‍රීඩිකාවන් රැසක් තමන්ගේ දක්ෂතා පෙන්වන වීඩියෝ සමාජ මාධ්‍යයට එක් කරමින්, සැබෑ කාන්තා ක්‍රීඩිකාවකගේ ස්වරූපය මෙය බව පෙන්වා දී තිබෙනවා. ඔවුන් පවසන්නේ කාන්තාවකගේ පෙනුමට වඩා ඇයගේ ශක්තිය, කැපවීම සහ දක්ෂතාවය වැදගත් බවයි. කෙසේ වෙතත්, මේ විවේචනවලට පිළිතුරු ලෙස සිඩ්නි ස්වීනි ඇයගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ සෙරීනා විලියම්ස් වැනි ක්‍රීඩිකාවන්ගේ ඡායාරූප කිහිපයක් පළ කර තිබුණත්, මේ මතභේදය තවමත් නිමාවක් නැතිව දිගින් දිගටම ඇදී යනවා. ක්‍රීඩාව සහ ලිංගිකත්වය පටලවා ගැනීම සම්බන්ධයෙන් මේ වන විට ලෝකය පුරාම විශාල කතාබහක් ඇති වෙලා තියෙනවා.

Discussion & Feedback