ලොව පුරා රසිකයින්ගේ ආදරය දිනාගත්ත ‘ද හවුස්මේඩ්’ (The Housemaid) චිත්රපටයේ දෙවැනි කොටස වන ‘ද හවුස්මේඩ්ස් සීක්රට්’ (The Housemaid’s Secret) ගැන අලුත්ම ආරංචියක් මේ වන විට එළියට ඇවිත් තියෙනවා. මේ චිත්රපටයට අලුතින්ම එකතු වෙන්නෙ ජනප්රිය හොලිවුඩ් නිළි බ්රිටනි ස්නෝ (Brittany Snow). ඇය මේ චිත්රපටයේ ‘මේරිබෙත්’ කියන කාර්යාලයේ පිළිගැනීමේ නිලධාරිනියගේ චරිතයට පණ පොවනවා. ඇයත් එක්ක ප්රධාන චරිත සඳහා සිඩ්නි ස්වීනි, කර්ස්ටන් ඩන්ස්ට් සහ පෝල් ඇන්තනි කෙලී රංගනයෙන් දායක වෙනවා. ඒ වගේම පළමු චිත්රපටයේ එන්සෝ විදියට රඟපෑ මිචෙල් මොරෝන් ද මේ චිත්රපටයට නැවතත් එකතු වෙනවා.
මේ චිත්රපටය අධ්යක්ෂණය කරන්නේ පෝල් ෆීග් විසින්. කතාව ගැන කියනවා නම්, මෙවර මිලි නැමැති ප්රධාන චරිතය තමන්ට කිසිදා දැකගන්න ලැබෙන්නේ නැති කාන්තාවක් වෙනුවෙන් වැඩ කරනවා. ඇය මේ නිවසේ තියෙන අගුළු දාපු දොරවල් පිටුපස තියෙන අඳුරු රහස් හොයාගන්න උත්සාහ කරනවා. මේ රහස් එළියට ආවොත් මිලිගේ ජීවිතයටත් ලොකු තර්ජනයක් එල්ල වෙනවා. ඇත්තටම මේ චිත්රපටය පළමු එකටත් වඩා ගොඩක් කුතුහලය පිරුණු එකක් වෙයි කියලා තමයි රසිකයෝ බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ සුපිරි තරු පිරිවරාගෙන එන චිත්රපටය නරඹන්න රසිකයෝ ගොඩක් උනන්දුවෙන් ඉන්නවා කියලා අපිට බලාගන්න පුළුවන්.

Discussion & Feedback