මේ දවස්වල හොලිවුඩයේ කාර්යබහුලම නිළියක් වන සිඩ්නි ස්වීනි, තමන්ගේ මීළඟ දැවැන්ත පියවර තබන්න සූදානම් වෙන්නේ නෙට්ෆ්ලික්ස් හරහා එන ‘ගන්ඩම්’ (Gundam) සජීවී චිත්‍රපටයත් එක්කයි. නොවා සෙන්ටිනියෝ සමඟ ඇය රංගනයෙන් දායක වන මේ චිත්‍රපටය, වසර 40කට වඩා පැරණි ජපානයේ ජනප්‍රියම රොබෝ කතා මාලාව ඇසුරින් නිර්මාණය වෙන්නක්. ට්‍රාන්ස්ෆෝමර්ස් චිත්‍රපටවලට ලොකු අභියෝගයක් වෙන්න පුළුවන් මේ නිර්මාණය, හුදෙක් රොබෝවරුන්ගේ සටනකට වඩා යුද්ධය, දේශපාලනය සහ මිනිස් හැඟීම් මුසු වුණු ගැඹුරු කතාවක් බවයි කියවෙන්නේ.
ජිම් මිකල්ගේ අධ්‍යක්ෂණයෙන් හැඩවෙන මේ චිත්‍රපටය ගැන නොවා සෙන්ටිනියෝ කියන්නේ, මෙය අභ්‍යවකාශයේ සිදුවන රෝමියෝ සහ ජුලියට් වැනි ආදර කතාවක් කියලයි. ගන්ඩම් කියන්නේ සාමාන්‍ය රොබෝ සටන්වලට වඩා යුධ පිටියේ යථාර්ථය පෙන්වන කතාවක් නිසා, මේ චිත්‍රපටය රසිකයන්ට අලුත්ම අත්දැකීමක් වේවි. විශේෂයෙන්ම 1979 වසරේ ආරම්භ වුණු මුල්ම ගන්ඩම් කතා මාලාවේ කාලවකවානුව වන ‘යුනිවර්සල් සෙන්චරි’ පසුබිම් කරගෙන මෙය නිර්මාණය වීම රසිකයන්ට ලොකු සතුටක්. කොහොම වුණත්, ට්රාන්ස්ෆෝමර්ස්වලට තියෙන දැවැන්ත රොබෝ සටන්වලට අමතරව, ගැඹුරු කතා තේමාවකුත් මේ චිත්‍රපටයට එකතු වුණොත්, එය අනිවාර්යයෙන්ම හොලිවුඩයේ අලුත් පෙරළියක් කරාවි.

Discussion & Feedback