ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර පසුගිය දින දෙකක කාලය තුළ සිදුවූ වෙඩි තැබීම් දෙකක් නිසා මේ වන විට ප්‍රදේශවාසීන් දැඩි බියකින් පසුවෙනවා. අඟහරුවාදා අලුයම ග්ලෙන් ඇල්පයින් ප්‍රදේශයේ නිවසකට කඩා වැදුණු වෙඩික්කරුවන් පිරිසක් මාර්කෝ ටැපියා නම් විශ්වවිද්‍යාල ශිෂ්‍යයාව ඝාතනය කළා. ඔහුට කිසිදු අපරාධ සම්බන්ධයක් නොමැති බවත්, මෙය අහිංසක ජීවිතයක් බිලිගැනීමක් බවත් පොලිසිය පවසනවා. මේ සිද්ධියෙන් පැය 48ක් ගතවීමටත් මත්තෙන් බදාදා දහවල් මෙරිලන්ඩ්ස් වෙස්ට් ප්‍රදේශයේදී තවත් පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කර තිබෙනවා.
මෙම දෙවන වෙඩි තැබීම සම්බන්ධයෙන් පොලිසිය සැක කරන්නේ එයත් වැරදි පුද්ගලයෙකු ඉලක්ක කර සිදුකළ ප්‍රහාරයක් බවයි. වෙඩි වැදුණු පුද්ගලයා අපරාධ කල්ලි සමඟ සම්බන්ධයක් නොමැති අයෙකු වුවත්, ඔහු ජීවත් වූ නිවසේ සිටි පිරිසක් අපරාධ ලෝකය සමඟ සම්බන්ධතා පවත්වන බව පොලිසිය හෙළි කරගෙන තිබෙනවා. සමාජ මාධ්‍ය ඔස්සේද අපරාධ කල්ලි සාමාජිකයෙකු විසින් තමන් වැරදි පුද්ගලයෙකුට වෙඩි තබා ඇති බවට ඉඟි පළ කර තිබීම තවත් බියකරු තත්ත්වයක්. සිඩ්නි නුවර මීට පෙරද මෙවැනිම වැරදි පුද්ගලයන් ඉලක්ක කර සිදුකළ පැහැරගැනීම් සහ ඝාතන වාර්තා වී තිබෙනවා.
මෙම සිදුවීම් සම්බන්ධයෙන් දැඩි ලෙස කම්පනයට පත්ව සිටින පොලිස් කොමසාරිස්වරයා පවසන්නේ අහිංසක ජීවිත මෙලෙස බිලිගැනීම කිසිසේත්ම ඉවසා දරාගත නොහැකි බවයි. අපරාධ කල්ලිවල ක්‍රියාකාරකම් නිසා සාමාන්‍ය ජනතාවට බියෙන් ජීවත් වීමට සිදුවීම පිළිගත නොහැකි බවත්, වැරදිකරුවන් අත්අඩංගුවට ගැනීමට දැඩි පියවර ගන්නා බවත් පොලිසිය අවධාරණය කරනවා. නගරයේ ආරක්ෂාව සම්බන්ධයෙන් මේ වන විට දැඩි අවධානයක් යොමුව තිබෙනවා.

Discussion & Feedback