මේ දවස්වල ස්විට්සර්ලන්තයේ ග්ලැසියර සම්බන්ධයෙන් ඉතාමත් කනගාටුදායක පුවතක් වාර්තා වෙනවා. පසුගිය වසරේදී පමණක් එරට ග්ලැසියරවලින් 5%කට වඩා වැඩි ප්‍රමාණයක් දියවී ගිහින්. විද්‍යාඥයන් පවසන විදිහට මේක ඇත්තටම ඉතාමත් දරුණු තත්ත්වයක්. සාමාන්‍යයෙන් වසරකට 2%ක දියවීමක් පවා අතිශය දරුණු එකක් විදිහට සැලකුවත්, මෙවර එය 5.5%ක් දක්වා ඉහළ ගිහින් තියෙනවා. දේශගුණික විපර්යාස සහ ගෝලීය උණුසුම නිසා මේ ග්ලැසියරවලට සිදුවන හානිය දිනෙන් දින වැඩිවෙනවා.
මේ විදිහට ග්ලැසියර දියවී යාම නිසා අනාගතයේදී කෘෂිකර්මාන්තයට, ජල විදුලි බලාගාරවලට සහ ප්‍රවාහන කටයුතුවලට විශාල බලපෑමක් එල්ල වෙන්න පුළුවන්. විශේෂයෙන්ම ගිම්හාන කාලයේදී ජල අවශ්‍යතාවය සපුරාගන්න ග්ලැසියරවලින් ලැබෙන දිය දහරාවන් ඉතා වැදගත් වුණත්, මේ විදිහට දිගින් දිගටම අයිස් දියවී ගියොත් අනාගතයේදී ඒ ජල මූලාශ්‍ර සිඳී යාමේ අවදානමක් තියෙනවා. ඒ වගේම කඳුකර ප්‍රදේශවල නායයෑම් සහ හදිසි ගංවතුර තත්ත්වයන් ඇතිවීමේ අවදානමත් මේ නිසා වැඩිවෙලා තියෙනවා.
විද්‍යාඥයන් පෙන්වා දෙන විදිහට, මීටර් 3500ක් වැනි ඉහළ උසකින් යුත් කඳු මුදුන්වල පවා හිම තට්ටු ඉතිරි නොවී අයිස් දියවී යාම ඉතාමත් බරපතල කරුණක්. ග්ලැසියරවලට අලුතින් හිම එකතු නොවී මේ විදිහට දියවී යාමෙන් ඒවා ක්‍රමයෙන් අතුරුදහන් වී යාමේ අවදානමක් තියෙනවා. මේ තත්ත්වය පාලනය කරගන්නට නොහැකි වුණොත්, ඉදිරි දශක කිහිපය තුළ ස්විට්සර්ලන්තයට පමණක් නොවෙයි, ලෝකයේ බොහෝ රටවලට ජල අර්බුදවලට මුහුණ දීමට සිදුවනු ඇති බවයි පරිසරවේදීන් අනතුරු අඟවන්නේ.

Discussion & Feedback