ශ්‍රී ලංකාවට පැමිණි රුසියානු ජාතික සංචාරකයෙකුගේ බෑගයක් සොරාගත් පුද්ගලයෙක්ව අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකායට හැකිවෙලා තියෙනවා. මේ සිද්ධිය වාර්තා වෙන්නේ පසුගිය ජූලි 31 වැනිදා අරුගම්බේ ප්‍රදේශයෙන්. පොලිස් විශේෂ කාර්ය බලකායට ලැබුණු රහසිගත තොරතුරකට අනුව, පොතුවිල් කුඩාකල් ප්‍රදේශයේ දෙවැනි හරස් වීදියේදී සැකකරුව අත්අඩංගුවට ගත්තේ ඔහු සතුව තිබූ සොරාගත් බෑගයත් එක්කමයි.
මේ බෑගය ඇතුළේ රුසියානු සංචාරකයාට අයත් මුදල් පසුම්බියක් තිබිලා තියෙනවා. ඒ මුදල් පසුම්බියේ රුපියල් ලක්ෂ 16.9ක් වටිනා විදේශ මුදල් තිබූ බවයි පොලිසිය සඳහන් කරන්නේ. අත්අඩංගුවට ගත් සැකකරු පොතුවිල්, පසාරච්චේන ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි තරුණයෙක්. මොහුව මේ වන විට සොයාගත් භාණ්ඩත් එක්ක පොතුවිල් පොලිසියට භාර දීලා තියෙනවා.
අදාළ සැකකරුව අධිකරණයට ඉදිරිපත් කිරීමට අවශ්‍ය කටයුතු පොලිසිය විසින් මේ වන විටත් සූදානම් කරමින් ඉන්නවා. මේ සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ කටයුතු පොතුවිල් පොලිසිය විසින් සිදු කරනවා. සංචාරකයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මෙවැනි කඩිනම් පියවර ගැනීම බොහෝ දෙනාගේ පැසසුමට ලක්වෙලා තියෙනවා.

Discussion & Feedback