Netflix හරහා විකාශය වුණු ජනප්රියම ආදර කතාමාලාවක් වන ‘Sweet Magnolias’ කතා මාලාව පස්වන වාරයෙන් පසුව අවසන් කිරීමට තීරණය කරලා තියෙනවා. මේ ආරංචියත් එක්කම කතාමාලාවේ නිර්මාණකාරිය වන ෂෙරිල් ජේ. ඇන්ඩර්සන් තමන්ගේ ඉන්ස්ටග්රෑම් ගිණුම හරහා රසිකයන්ට හරිම සංවේදී පණිවිඩයක් නිකුත් කරලා තියෙනවා. ඇය කියන විදිහට, පසුගිය වාර පහ පුරාවටම ‘සෙරෙනිටි’ නගරයේ ජීවත් වෙන්න ලැබීම ඇයට ලොකු ආශිර්වාදයක් වගේම වරප්රසාදයක් වෙලා තියෙනවා. මේ ගමනට උදව් කරපු සියලුම නළු නිළියන්ට, කාර්ය මණ්ඩලයට සහ විශේෂයෙන්ම මේ කතාමාලාවට ආදරය කරපු රසිකයන්ට ඇය තමන්ගේ හදවතින්ම ස්තූතිය පුද කරනවා.
කෙසේ වෙතත්, මේ කතාමාලාව අවසන් වුණාට ෂෙරිල් ඇන්ඩර්සන් සහ ප්රධාන නිළි ජොආනා ගාර්ෂියා ස්විෂර් එකතු වෙලා තවත් අලුත් වැඩක් පටන් ගන්න සූදානම් වෙනවා. ලෝරන් එඩ්මන්ඩ්සන්ගේ ‘Ladies of the House’ නවකතාව ඇසුරෙන් නිර්මාණය වන මේ අලුත් කතාමාලාවෙත් කාන්තාවන් තිදෙනෙක් වටා ගෙතුණු කතාවක් තමයි දකින්න ලැබෙන්නේ. වයින් ව්යාපාරයක් පවත්වාගෙන යන පවුලක ගැටුම් සහ ඔවුන් එකිනෙකා සමඟ බැඳෙන ආකාරය ගැන මේ කතාවෙන් කියැවෙනවා. ‘Sweet Magnolias’ රසිකයන්ට මේ අලුත් නිර්මාණයත් ඉක්මනින්ම Netflix හරහා බලාගන්න පුළුවන් වේවි කියලා තමයි ආරංචි වෙන්නේ.

Discussion & Feedback