කටුනායක දේවාමොට්ටාව ප්රදේශයේදී අද දහවල් සිදුවූ වෙඩි තැබීමකින් පොලිස් නිලධාරියෙක් බරපතල තුවාල ලබා රෝහල්ගත කරලා තියෙනවා. පොලිසිය පවසන විදිහට මේ සිද්ධිය වෙලා තියෙන්නේ ප්රදේශයේ සිදුකරපු වැටලීමක් අතරතුරදීයි. සැකකරු විසින් පොලිස් නිලධාරියා ඉලක්ක කරගෙන වෙඩි තබා පසුව එම ස්ථානයෙන් පලා ගොස් ඇති බවයි වාර්තා වෙන්නේ. තුවාල ලැබූ නිලධාරියාව වහාම රෝහලට ඇතුළත් කර ප්රතිකාර ලබාදීමට කටයුතු කරලා තියෙනවා.
මේ වෙඩි තැබීමත් එක්ක ප්රදේශයේ දැඩි නොසන්සුන්කාරී තත්ත්වයක් ඇතිවෙලා තියෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් කටුනායක පොලිසිය විසින් මේ වන විටත් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කරලා තියෙනවා. පලාගිය සැකකරුව අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් කිහිපයක්ම මේ වෙලාවේ මෙහෙයුම් දියත් කරමින් ඉන්නවා. සැකකරු සතුව ගිනි අවියක් තිබීම නිසා ඔහු අත්අඩංගුවට ගැනීමට පොලිසිය විශේෂ අවධානයක් යොමු කරලා තියෙනවා. මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු ඉදිරියේදී දැනගන්න ලැබෙයි.

Discussion & Feedback