දෙහිවල සිරිසඟබෝ මාවතේ නිවසකට එල්ල වුණු බෝම්බ ප්රහාරයෙන් දරුවන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වීම මුළු රටම කම්පාවට පත් කළ සිදුවීමක් වුණා. මේ ප්රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු පොලිසිය හමුවේ පාපොච්චාරණය කරලා තියෙන්නේ තමන් ඉලක්ක කරලා තියෙන්නේ වැරදි නිවසක් බවයි. ප්රහාරය එල්ල කරන්න සැලසුම් කරපු නිවස සහ ඇත්තටම ප්රහාරය එල්ල වුණු නිවස අතර තියෙන්නේ එකම එක තාප්පයක් විතරයි. මේ අවාසනාවන්ත සිදුවීමෙන් වයස අවුරුදු 11 සහ 17 වුණු දරුවන් දෙදෙනෙක් මියගිය අතර, ඔවුන්ගේ පියාගේ කකුලක් පවා අහිමි වුණා.
පොලිස් විමර්ශනවලදී හෙළි වුණේ මේ ප්රහාරය පිටුපස ‘කොස් මල්ලි’ සහ ‘අවිෂ්ක’ කියන පුද්ගලයන් ඉන්නා බවයි. ප්රහාරයට යොදාගත්ත ත්රිරෝද රථයේ පාට පවා වෙනස් කරලා සැඟවීමට උත්සාහ කරලා තියෙනවා. මේ ප්රහාරය එල්ල කළා කියන ‘මධු’ කියන පුද්ගලයා මීට කලින් රත්මලානේදී සිදුවුණු තවත් මිනීමැරුමකටත් සම්බන්ධ බවට තොරතුරු ලැබිලා තියෙනවා. මේ වන විට ප්රධාන සැකකරුවන් ඇතුළු පිරිසක් අත්අඩංගුවට අරගෙන ප්රශ්න කරන අතර, ඔවුන්ව හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කරන්නත් පොලිසිය කටයුතු කරමින් ඉන්නවා. වැරදි ඉලක්කයක් නිසා අහිංසක දරුවන් දෙදෙනෙක්ගේ ජීවිත අහිමි වීම ඇත්තටම හිතාගන්නවත් බැරි තරම් ශෝචනීය සිදුවීමක්.

Discussion & Feedback