මදුරු ඔය ජාතික වනෝද්‍යානයට මායිම්ව පිහිටි දියබෙදුම ප්‍රදේශයේදී ඇත් දළ කැබලි කිහිපයක් ළඟ තබාගෙන සිටි පුද්ගලයෙක් වනජීවී නිලධාරීන් විසින් අත්අඩංගුවට අරගෙන තියෙනවා. හෙනානිගල වනජීවී කාර්යාලයේ නිලධාරීන්ට ලැබුණු රහසිගත තොරතුරකට අනුව පසුගිය අගෝස්තු 19 වැනිදා මේ වැටලීම සිදු කරලා තියෙන්නේ. එහිදී සැකකරු සතුව තිබී සොයාගත් ඇත් දළ කොටස් ප්‍රමාණයක් නිලධාරීන් විසින් සිය භාරයට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරු සහ ඔහු සතුව තිබූ ඇත් දළ කැබලි අගෝස්තු 20 වැනිදා දෙහිඅත්තකණ්ඩිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. මේ ඇත් දළ කොටස් කොහෙන්ද ලැබුණේ සහ සැකකරු මේවා තබාගෙන සිටියේ කුමන අරමුණකින්ද යන්න සම්බන්ධයෙන් වනජීවී නිලධාරීන් වැඩිදුර පරීක්ෂණ පවත්වමින් ඉන්නවා. වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥාපනත යටතේ අලි ඇතුන් දැඩි ලෙස ආරක්ෂා කරලා තියෙන සතුන් නිසා, අවසරයකින් තොරව මෙවැනි සත්ත්ව කොටස් ළඟ තබා ගැනීම, ප්‍රවාහනය කිරීම හෝ විකිණීම නීතියෙන් තහනම් බව වනජීවී දෙපාර්තමේන්තුව සිහිපත් කරනවා. හෙනානිගල වනජීවී කාර්යාලයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මේ වැටලීම සාර්ථකව සිදු කර තිබෙනවා.

Discussion & Feedback