පසුගිය ජූලි 18 වැනිදා සවස් කාලයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් සිදුකළ වැටලීමකදී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 18යි ග්‍රෑම් 716ක දැවැන්ත තොගයක් සමඟ 26 හැවිරිදි තරුණයෙක්ව අත්අඩංගුවට අරන් තියෙනවා. හිරණ, රුක්ගහතොටුපොළ ප්‍රදේශයේදී සිදුකළ මෙම වැටලීමේදී මත්ද්‍රව්‍යවලට අමතරව ඒවා කිරා මැන ගැනීමට භාවිතා කරන ඉලෙක්ට්‍රොනික තරාදියක්ද පොලිස් භාරයට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් සැකකරු අලුබෝමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි පොලිසිය සඳහන් කරන්නේ.
මූලික විමර්ශනවලදී හෙළිවෙලා තියෙන්නේ මෙම මත්ද්‍රව්‍ය තොගය රටේ විවිධ ප්‍රදේශවල බෙදාහැරීම සඳහා සංවිධානාත්මක අපරාධකරුවන් දෙදෙනෙකුගේ මෙහෙයවීම මත රැගෙනවිත් ඇති බවයි. මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මිනීමැරුම් හා සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් සිදුකරනවා. අත්අඩංගුවට ගත් සැකකරුව අද (ජූලි 19) පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, එහිදී දින හතක රැඳවුම් නියෝග ලබාගෙන වැඩිදුර ප්‍රශ්න කිරීමට පොලිසිය බලාපොරොත්තු වෙනවා.

Discussion & Feedback