ගල්කිස්ස ප්රදේශයේ නිවසකින් රුපියල් ලක්ෂ 240කට අධික වටිනාකමකින් යුත් රන් භාණ්ඩ සහ මුදල් සොරාගත් පුද්ගලයෙක්ව ගල්කිස්ස මූලස්ථාන පොලිසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට අරගෙන තියෙනවා. මේ සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිල්ලක් ලැබුණේ පසුගිය 19 වැනිදායි. අදාළ නිවසේ පදිංචිව සිටි පුද්ගලයා තමන්ගේ බිරිඳ සහ දරුවන් එක්ක පසුගිය 18 වැනිදා ඥාතියෙකුගේ නිවසකට ගිහින් තිබුණා. ආපහු 19 වැනිදා උදේ ගෙදර ඇවිත් බලද්දී තමයි නිවසේ තිබුණු රන් භාණ්ඩ සහ මුදල් සොරාගෙන ගිහින් තියෙන බව ඔහු දැකලා තියෙන්නේ.
මේ ගැන වහාම ක්රියාත්මක වුණු ගල්කිස්ස පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් පවත්වලා තියෙනවා. ඒ අනුව පැමිණිල්ල ලැබිලා දින දෙකක් වගේ කෙටි කාලයක් ඇතුළත සැකකරුව අත්අඩංගුවට ගන්න පොලිසියට පුළුවන් වුණා. සැකකරු සන්තකයේ තිබී සොරාගත් භාණ්ඩවලින් කොටසක් ද පොලිසිය විසින් සොයාගෙන තියෙනවා. මේ වන විට අත්අඩංගුවට ගත් සැකකරුව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, ගල්කිස්ස පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා.

Discussion & Feedback