ජේම්ස් වෙබ් අභ්යවකාශ දුරේක්ෂය මගින් මුල්කාලීන විශ්වය නිරීක්ෂණය කරන විට, විද්යාඥයන් මවිතයට පත් කරමින් ඉතා විශාල කළු කුහර කිහිපයක් හමුවුණා. මේවා විශ්වය නිර්මාණය වී වසර බිලියනයක් වැනි කෙටි කාලයක් තුළ මෙතරම් විශාල ප්රමාණයකට වර්ධනය වූයේ කෙසේද යන්න ලොකු ගැටලුවක් වුණා. සාමාන්යයෙන් මේවා තමන් පිහිටි කුඩා මන්දාකිණිවලට සාපේක්ෂව දැවැන්ත වැඩි බවයි පෙනී ගියේ. නමුත් ඉතාලි ජාතික තාරකා විද්යාඥ ඇලෙස්සැන්ඩ්රෝ ට්රින්කා ඇතුළු පර්යේෂකයන් පවසන්නේ, මේවා කලින් හිතුවාට වඩා ප්රමාණයෙන් කුඩා විය හැකි බවයි.
මෙම පර්යේෂකයන් පෙන්වා දෙන පරිදි, මෙම කළු කුහරවලින් පිටවිය යුතු එක්ස්-රේ කිරණ නොමැති වීමෙන් පෙනී යන්නේ ඒවායේ ස්කන්ධය කලින් තක්සේරු කළාට වඩා බෙහෙවින් අඩු බවයි. සූර්යයා මෙන් මිලියන එකත් දහයත් අතර ස්කන්ධයක් සහිත මෙම කළු කුහර, මන්දාකිණිවල ප්රමාණයට වඩාත් ගැලපෙන බව ඔවුන් සොයාගෙන තිබෙනවා. මේවා අතිශය වේගයෙන් අවට ඇති දූවිලි හා වායු ගිලගන්නා අතර, එම ක්රියාවලිය සිදුවන ආකාරය නිසා ඒවා එක්ස්-රේ කිරණ පිට නොකරන බවයි විද්යාඥයන් පවසන්නේ.
කෙටියෙන් කිවහොත්, මුල්කාලීන විශ්වයේ තිබූ මෙම කළු කුහර අප සිතුවාට වඩා ‘දැවැන්ත’ නැහැ. ඒවායේ ස්කන්ධය අඩු වුවත්, ඒවා ඉතා වේගයෙන් වර්ධනය වෙමින් පවතින බවයි නවතම පර්යේෂණවලින් තහවුරු වෙන්නේ. මෙය විශ්වයේ ආරම්භය සහ කළු කුහරවල පරිණාමය පිළිබඳ අපේ දැනුම තවදුරටත් පුළුල් කිරීමට ඉවහල් වන වැදගත් සොයාගැනීමක් ලෙස හඳුන්වන්න පුළුවන්.

Discussion & Feedback