කොළඹ සුගතදාස ජාතික ක්‍රීඩා සංකීර්ණයේ පිහිනුම් තටාකයට වසර විසිපහකට පසුව අලුත්ම ඉලෙක්ට්‍රොනික කාල මැනීමේ පද්ධතියක් ඇතුළු නවීන උපකරණ රැසක් එකතු කරලා තියෙනවා. මේ නවීකරණ කටයුතු පසුගිය සිකුරාදා (24) තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ සහ නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් නිල වශයෙන් ජනතා අයිතියට පත් කළා. දශක දෙකකටත් වඩා වැඩි කාලයක් තිස්සේ භාවිත කළ පැරණි උපකරණ වෙනුවට දැන් ජාත්‍යන්තර මට්ටමේ නවීන තාක්ෂණයෙන් යුත් උපකරණ ස්ථාපනය කර තිබීම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ලැබුණු ලොකු ජයග්‍රහණයක්.
මේ ව්‍යාපෘතිය යටතේ අලුතින්ම ඉලෙක්ට්‍රොනික කාල මැනීමේ ඔරලෝසුවක්, ස්පර්ශක පුවරු පද්ධතියක් (touch pad system), ඩිජිටල් දර්ශක පුවරුවක් සහ ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුත් ආරම්භක වේදිකා (starting blocks) සවි කරලා තියෙනවා. මේ නවීකරණය නිසා තරගවලදී කාලය මැනීමේ නිරවද්‍යතාවය ඉහළ යන අතරම, අපේ පිහිනුම් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ජාත්‍යන්තර මට්ටමේ පුහුණුවීම් සහ තරග සඳහා අවශ්‍ය පහසුකම් දැන් සුගතදාස සංකීර්ණය තුළින්ම ලබාගන්න පුළුවන් වෙනවා. මේ වෙනස ඉදිරියේදී පැවැත්වෙන දේශීය සහ ජාත්‍යන්තර තරගාවලි සඳහා අපේ ක්‍රීඩකයන්ව වඩාත් හොඳින් සූදානම් කිරීමට ලොකු පිටුවහලක් වේවි.

Discussion & Feedback