සුඩානයේ පවතින අභ්‍යන්තර ගැටුම් අතරතුර බටහිර දාර්ෆූර් කලාපයේ සිදු වූ යුද අපරාධ සහ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් එරට වේගවත් සහායක හමුදාවේ (RSF) නායක මොහොමඩ් හම්දාන් ඩගාලෝ ඇතුළු ඉහළ පෙළේ සාමාජිකයන් 16 දෙනෙකුට මරණ දඬුවම නියම කර තිබෙනවා. පෝට් සුඩාන් නුවර අධිකරණයක් විසින් මෙම තීන්දුව ලබා දුන්නේ ඔවුන් නොමැතිවයි. මොවුන්ට එරෙහිව ජන සංහාරය, සිවිල් වැසියන්ට පහරදීම සහ දේපළ කොල්ලකෑම වැනි බරපතළ චෝදනා එල්ල වී තිබෙනවා. කෙසේ වෙතත්, මෙම තීන්දුව හුදෙක් ප්‍රෝඩාකාරී එකක් බව පවසමින් RSF සංවිධානය එය ප්‍රතික්ෂේප කර තිබෙනවා.
2023 අප්‍රේල් මාසයේදී සුඩාන හමුදාව සහ RSF අතර ආරම්භ වූ බල අරගලය හේතුවෙන් මේ වන විට ලක්ෂ 1.5කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර මිලියන 12ක් පමණ අවතැන් වී සිටිනවා. එපමණක් නොව, මිලියන 28ක් පමණ ජනතාව දැඩි ආහාර හිඟයකට මුහුණ දී සිටින බවයි වාර්තා වන්නේ. අධිකරණය විසින් ලබා දුන් මෙම තීන්දුවත් සමඟ වරදකරුවන් අත්අඩංගුවට ගැනීමට ඉන්ටර්පෝල් හරහා රතු නිවේදන නිකුත් කිරීමටත්, ඔවුන්ගේ වත්කම් රාජසන්තක කිරීමටත් පියවර ගෙන තිබෙනවා. කෙසේ වෙතත්, RSF නායකයාගේ වර්තමාන ස්ථානය තවමත් රහසක්ව පවතින අතර මෙම නීතිමය තීන්දුව ක්‍රියාත්මක කිරීමේ හැකියාව පිළිබඳව පවතින්නේ අවිනිශ්චිත තත්ත්වයක්.

Discussion & Feedback