ජනප්රිය ‘Strictly Come Dancing’ නර්තන වැඩසටහනේ ප්රවීණ නර්තන ශිල්පී ජියෝවානි පර්නිස් මේ දිනවල දැඩි කතාබහකට ලක්වෙලා තියෙනවා. ඔහු පවසන්නේ තමන්ගේ සහකාරිය වූ අමන්දා ඇබින්ටන් සමඟ ඇති වූ ගැටුමෙන් පසුව BBC ආයතනය තමන්ව සම්පූර්ණයෙන්ම අතහැර දැමූ බවයි. අමන්දා ඔහුට එරෙහිව හිරිහැර කිරීමේ සහ නුසුදුසු ලෙස හැසිරීමේ චෝදනා එල්ල කර තිබුණා. මේ සිදුවීමත් එක්ක BBC ආයතනය පරීක්ෂණයක් පවත්වලා අමන්දාගේ සමහර පැමිණිලි සත්ය බව තහවුරු කළා. නමුත් ජියෝවානි පවසන්නේ තමන්ට එල්ල වූ චෝදනා බොහොමයක් අසත්ය බවත්, තමන්ව ආරක්ෂා කිරීමට BBC ආයතනය කිසිදු පියවරක් නොගත් බවත්ය.
තමන්ගේ ජීවිතය සහ වෘත්තීය ජීවිතය මේ සිදුවීම නිසා සම්පූර්ණයෙන්ම කඩා වැටුණු බව ජියෝවානි ඉතා සංවේදීව ප්රකාශ කර තිබෙනවා. ඔහු පවසන්නේ තමන් දැඩි මානසික පීඩනයකට ලක්වෙලා සියදිවි නසාගැනීම ගැන පවා සිතූ බවයි. “මම මේ කර්මාන්තයට තවදුරටත් අනවශ්ය කෙනෙක් කියලා මට හිතුණා. ඒ නිසා ජීවත් වෙලා වැඩක් නැහැ කියලා මට හිතුණා” යැයි ඔහු පවසා තිබෙනවා. වසර නවයක් තිස්සේ තමන් BBC ආයතනය වෙනුවෙන් කැපවී වැඩ කළත්, තමන් මානසිකව වැටී සිටි අවස්ථාවේදී ඔවුන් තමන්ව ගණන් නොගත් බවත් ඔහු චෝදනා කරනවා. තමන් දැඩි ලෙස වැඩ කරන කෙනෙක් වුණත්, අමන්දා සමඟ ඇති වූ මේ ගැටුම තමන්ගේ මුළු ජීවිතයම වෙනස් කළ බව ඔහු වැඩිදුරටත් පවසනවා.

Discussion & Feedback