ලොව පුරාම අතිශය ජනප්රිය වුණු ස්ට්රේන්ජර් තින්ග්ස් කතා මාලාව පසුගිය දශකයක කාලයක් පුරා අපේ හදවත් දිනාගත්තා. කතා මාලාවේ අවසානය රසිකයන් අතර විවිධ මතභේද ඇති කළත්, මේ කතා මාලාවට තවමත් තියෙන්නේ ලොකු ඉල්ලුමක්. ඒ නිසාම ඩෆර් සහෝදරයන් මේ කතා මාලාවේ මතකයන් අලුත් කරන්න හිතාගෙන විශේෂ පොතක් එළිදක්වන්න සූදානම් වෙනවා. පිටු 392කින් සමන්විත මේ අලුත්ම පොතේ කතා මාලාවේ රූගත කිරීම් අතරතුර ගත් දුර්ලභ ඡායාරූප, තිරය පිටුපස දර්ශන සහ කලාත්මක නිර්මාණ රැසක් අන්තර්ගතයි. සැප්තැම්බර් 8 වැනිදා සිට assouline.com හරහා මෙය මිලදී ගන්න පුළුවන්.
මේ පොතේ හැඳින්වීම ලියලා තියෙන්නේ ප්රවීණ චිත්රපට අධ්යක්ෂ ෆ්රෑන්ක් ඩරාබොන්ට් විසින්. කතා මාලාවේ අවසාන කොටස ගැන රසිකයන් අතර ලොකු විවේචන තිබුණත්, ප්රධාන චරිතය වන ඉලවන්ගේ ඉරණම ගැන තවමත් තියෙන්නේ කුතුහලයක්. මිලී බොබී බ්රවුන් පවා කියන්නේ තමන් තවමත් ඒ චරිතය අතහැරලා නැහැ කියලයි. කොහොම වුණත්, ස්ට්රේන්ජර් තින්ග්ස් කියන්නේ කවදාවත් නැවත නිර්මාණය කරන්න බැරි තරම් අපූරු අත්දැකීමක් බවයි බොහෝ දෙනාගේ මතය. ඉතින්, මේ කතා මාලාවට ආදරය කරන ඔබට ඒ මතකයන් නැවත ආවර්ජනය කරන්න මේ පොත හොඳ අවස්ථාවක් වේවි.

Discussion & Feedback